ශ‍්‍රිලනිපයේ මතය වැඩක් නෑ.. විධායකය අහෝසි කරනවා..- ජනපතිගේ අඹ යාළුවා කඩුව ගනී..

March 2, 2017 at 9:20 am | lanka C news
ශ‍්‍රිලනිපයේ මතය වැඩක් නෑ.. විධායකය අහෝසි කරනවා..- ජනපතිගේ අඹ යාළුවා කඩුව ගනී..

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නව මැතිවරණ ක‍්‍රමය සහිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ඒ සදහා ජනමත විචාරණයක්‌ පැවැත්වීම රජයේ මතය බව සම කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න පවසයි.

ඒ සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපයේ විරෝධය දක්වන බවට මාධ්‍යවේදීක් කල විමසීමට ඇමතිවරයා කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කරවූයේ ශ්‍රීලනිපයේ අය නොවන බවත් ජනාධිපතිවරණයේදී ජනතාවට වූ පොරොන්දු එලෙසම ඉටු කරන බවත්ය.

නව ව්‍යවස්ථාව වෙනුවෙන් වූ අනු කමිටු වාර්තා 06 මේ වන විට ලැබී ඇති අතර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු සදහන් කරයි.

18 views
Main News