ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙන්න යෝජනා සම්මත කරනවා.. ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා බලය ඇල්ලූ බව SB කියා සිටී..

April 12, 2018 at 9:20 am | lanka C news
ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙන්න යෝජනා සම්මත කරනවා.. ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා බලය ඇල්ලූ බව SB කියා සිටී..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ඉදිරියේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ඉන් පසු ශ‍්‍රීලනිප කිසිවෙකුට ආණ්ඩුව තුල සිටීමට හැකියාවක් නැති බවත් අවශ්‍ය කෙනෙකුට එක්සත් ජාතික පක්‍ෂයට යා හැකි බවත් ඔහු සදහන් කලේය.

පසුගියදා පැවති මධ්‍යම කාරක සභාවේදීද එම යෝජනාව ගෙන ආවද එය අවසන් තීන්දුවක් නොගෙන කල් දැමූ බවද ඔහු සදහන් කරයි.

ඊයේ දිනයේ ඇමති ධුරවලින් අස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඇමති ධුරවලින් ඉවත් වීම ගැන ජනාධිපතිවරයා සමග සාකච්චා කල බවත් ශ‍්‍රීලනිප මහ ලේකම් හා සන්ධාන මහ ලේකම්වරුන් පොඩි බබාලා බවත් ඔවුන් සමග සාකච්චා කිරීමේ කිසිදු උනමනාවක් නැති බවත් ඔහු කීය.

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අත්සන් කරන ලද ජාතික ආණ්ඩු ගිවිසුමද මේ වන විට අහෝසි වී ඇති බව ඇමතිවරයා සිහිපත් කරයි.

25 views

14 Comments to “ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙන්න යෝජනා සම්මත කරනවා.. ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා බලය ඇල්ලූ බව SB කියා සිටී..”

  1. cchandapala says:

    lලේකම්ලා විතරක්‌ නොවෙයි පක්ෂය බෙදා කොටසක් යුඑන්පියට ගැටගහන සභාපතිත් වැඩක් නෑ . ඔය ත්‍රිත්වය තනතුරුවල සිටිනතාක් ශ්‍රීලනිපයට සුගතියක් නැහැ .

  2. kapila says:

    smane/////???????

  3. Aba says:

    It s really great.
    Early cation should be takenn for SLFP to leave the govt headed by UNP!

  4. nimal says:

    ජාතික ආණ්ඩුව කැඩීමට ශ්‍රී ලනීපයටම අවස්ථාව දෙමින් ඒකාබද්ධ විපක්ෂය සිදු කළේ පොහොට්ටුව දියකර හැරීමද?

    • Hitan@hutan.com says:

      නොදන්න දේ කථා නොකර ඉඳිං බං.

      • gamaya says:

        මේ පින් ඇමතිලා 2020 දි පොහොට්ටුවේ ඡන්ද කඩා හංසයා දිනවන විට උම්බෑ ගාපන්කෝ

  5. Susantha says:

    We cant trust that politicians ….. No one thank about the country they only thinking their political party,,,,,

  6. daminda says:

    katuasu niyaaya……..

  7. sumanawera banda says:

    chenden peraduna ekekuge kayiwaaruwa.den pohottuwata heththuwenna dangalanawa.me maase bak maase .balaagena eliyata bahinne.wehi nethi hena paath wenawa kiyala ahala thibenawa neda?

  8. සුපුන් says:

    S B, රනිල්ගේ කොන්ත්රා ත් එකකට SLFP සෙට් එකෙක් පොහොට්ටුව පැත්තට යවනවා. ඒක දන්නේ නැති UNP සෙට් එකක් උන්ට දෝෂාභියෝගයක් ගේනවා. රනිල් වහාම ඒක අයින්කරන්න පියවර ගන්නවා. 2020 ජනාධිපතිවරනය් දී මේ සෙට් එක බැහැලා පොහොට්ටුව අපේක්ෂකයාට වැඩ කරනවා. හොරෙන් UNP එකට වැඩ කරනවා. වැඩි සම්භාවිතාව අනුව දෙමල, මුස්ලිම් හා සිංහල චන්ද ¼ ලැබුනොත් පොදු අපේක්ෂයට දිනන්න පුළුවන්. 2021 මහා මැතිවරණයේ දී මේ සෙට් එක පොහොට්ටුව ඇතුලෙන් දිනනවා. පස්සේ හෙමින් UNP ට ප්ලග් වෙනවා එතකොට අයෙත් UNP ආණ්ඩුවක්. සුසිල් SB මේ වගේ වැඩ වලට කප්පිතතෝ.
    මුන්ට මේ වැඩේට ගෙවන මුදල දන්නවනම් ….. ඇලෝෂියස් බබෙක්.

  9. කාගෙ කොන්තරාත්තුවක් ඩ මූ කොරන්නේ. says:

    කාගෙ කොන්තරාත්තුවක් ද මූ කොරන්නේ. කොරලා පෙන්නාපන්කෝ. 16/ 26 කෙලියේ තුවාල කාටද බං.