ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් යනු.. එජාපය තනි ආණ්ඩුවක් හදන්න සුදානම්.. – ඇමතිවරයෙක් මුල්වරට කියයි..

December 29, 2016 at 7:06 am | lanka C news
ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් යනු.. එජාපය තනි ආණ්ඩුවක් හදන්න සුදානම්.. – ඇමතිවරයෙක් මුල්වරට කියයි..

යහපාලන ආන්ඩුවේ ඉදිරි ගමනට බාධා කරන ශ්‍රීලනිප මැති ඇමතිවරුන් වහා ආණේඩුවෙන් ඉවත් විය යුතු යයි දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

එම සන්ධානයේ නායක කඳුරට නව ගම්මාන හා යටිතල පහසුකම් සංවර්ධන ඇමති පී. දිගම්බරම් පවසන්නේ ජනවාරි 08 සිදු කරනු ලද වෙනස සමග රට ඉදිරියට ගමන් කරමින් සිටියදී එදා එම වෙනස කරන්නට සහයෝගය නොදුන් ශ්‍රීලනිප මැති ඇමතිවරුන් යහපාලනය ආපසු හැරවීමේ උත්සාහයක යෙදී සිටින බවයි.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවද එජාපයට තනිව ආණ්ඩුව ගෙන යාමට හැකි බව ඔහු වැඩි දුරටත් කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

0 views

3 Comments to “ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් යනු.. එජාපය තනි ආණ්ඩුවක් හදන්න සුදානම්.. – ඇමතිවරයෙක් මුල්වරට කියයි..”

  1. ගමරාළ says:

    චන්ද්‍රිකයි සිරිසේන මහත්තයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇදලා දාලා තියෙන තැන ඉතා ශෝචනීයයි… බේදනීයයි… ඇමති කට්ටක් සූප්ප කරන්න තියෙන ආසාවක් හින්දා රටේ ඉතා වැදගත් පක්ෂයක් ලෙස තිබුන මේ පක්ෂය අද පාන්කඩ කෑල්ලක් තරම්වත් වටින්නේ නැති තත්වෙට ඇද දාලා…..

  2. Kolitha says:

    You were given minister post to bark like this…carry on…..

  3. ආප්ප වාටියා says:

    ආණ්ඩුව වෙනුවෙන් බුරන පොමනේරියන් බලු කුක්කෝ..

Main News