ශ‍්‍රිලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුවොත් එජාපය සමග ආණ්ඩු කරන්න ජනපති සූදානම්.. ශ‍්‍රිලනිප 10කුත් එජාපයට..

April 20, 2018 at 10:00 am | lanka C news
ශ‍්‍රිලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුවොත් එජාපය සමග ආණ්ඩු කරන්න ජනපති සූදානම්.. ශ‍්‍රිලනිප 10කුත් එජාපයට..

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කලහොත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව ආණඩුව ඉදිරියට කගෙන යාමට සූදානම් බව දන්වා ඇතැයි එම පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරුන් විසින් පසුපෙල මන්ත‍්‍රී පිරිසකට දන්වා ඇත.

ඉදිරියේදී පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව විසින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට යෝජනා සම්මත කලහොත් හ‍්‍රිලනිපයේ තවයත් දස දෙනෙකු පමණ එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බවත් ඔවුන් සමග එජාප ආණ්ඩුවක් කරගෙන යන බවත් පසුපෙල මන්ත‍්‍රිනට තහවුරු කර තිබේ.

කැබිනට් මණ්ඩල සංශෝධනයට පෙර මේ සම්බන්දයෙන් අවසන් තීරණයක් ගත හැකි වනු ඇති බවද වැඩි දුරටත් සදහන් කර ඇත.

මේ අනුව එජාප සංවිධායකයන් විසින් මේ සම්බන්ධයෙන් සිය සාමාජිකත්වය දැනුවත් කරමින් සිටිති.

117 views
Main News