ශ්‍රිලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වීම අතහැර දමති..
September 10, 2017 at 12:00 pm | lanka C news
එජාප ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ ගිවිසුම්ගත කාලය අවසන් වීමෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කණ්ඩායම ඉවත් නොවීමට තීරණය කර ඇති බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක් උපුටා දක්වමින් සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා ජනාධිපතිවරයා සමඟ පසුගියදා විශේෂ සාකච්චාවක් පැවැත්වීමෙන් පසුව යයිද මෙම තීරණය ගත්තේ තාවකාලිකව බවද ඔහු සදහන් කර තිබේ.
ජනාධිපතිවරයගෙන් ලැබුනේ සාධනීය ප්‍රතිචාර හේතුවෙන් මෙම පියවරට තාවකාලිකව එළැඹුනේ යයිද වාර්තාවේ වැඩි දුරටත් සදහන්ය.
එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සාධනීය කරුණු කාරණා කිහිපයක් නිසා මෙම තීරණය ගෙන තවදුරටත් ආණ්ඩු පක්ෂයේ රැඳී සිටීමේ තීරණය ගෙන තිබේග
මෙම තීරණය ආණ්ඩුවෙන් ඉවත්වීමට සිටි මැති ඇමැතිවරු 12 දෙනා එක්ව ගත් සාමූහික තීරණයක් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීයග