ශ‍්‍රිලනිප තවත් දහයක් ඇමති ධුර අතහැර විපක්‍ෂයට…

April 20, 2018 at 2:10 pm | lanka C news
ශ‍්‍රිලනිප තවත් දහයක් ඇමති ධුර අතහැර විපක්‍ෂයට…

එක්සත් ජාතික පක්‍ෂය සමග ඇති කරගෙන තිබෙන ආණ්ඩුවට එරෙහිව තවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් දස දෙනෙකු සිය ධුරයන්ගෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

විපක්‍ෂයට එක්වන එම පිරිසද එක් කර ගනිමින් ආණ්ඩුව විරෝධී පුළුල් ජනතා සන්ධානයක් ගොඩනගන බවත් ඔ්නෑම පුරවැසියෙකුට ඊට එක්වීමට හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ මහනුවර සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

9 views

5 Comments to “ශ‍්‍රිලනිප තවත් දහයක් ඇමති ධුර අතහැර විපක්‍ෂයට…”

  1. Aurora says:

    බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල ආදීන්ට ජනාධිපති ධුරය අහෝසිකිරීම වගේ බරපතල කාරණා ගැන අදහස් පලකරන්න බලයක් ලැබුනේ කෙසේද? JVP ය බටහිර සහ ඉන්දියානු බෙදුම්වාදීන්ගේ අදහස් සහ ඕනෑකම් වෙනුවෙන් ක්‍රියාකරන උන් මත යැපෙන රුකඩ බව අමතක නොකළ යුතුය. මහින්ද රාජපක්ෂ මහතා මෙම JVP ද්‍රෝහීන්ගේ යෝජනාවට සහය දීම පිළිබඳව මතය පලකර ජනතාව අතර ඇතිවී තිබෙන කැළඹිලි සහගත තත්වය පහකළ යුතුය. 13 සංශෝධනය නිසා පළාත් සභා වලට ලැබීතිබෙන බලය මධ්‍යම රජය විසින් පාලනය කරන ජනාධිපති ක්‍රමය නැතිකිරීම බෙදුම්වාදයට සහය දැක්වීමකි. එතකොට මේ පනතට සහය දෙන්නෝ දේශයේ ස්ථාවර බව විනාශකලවුන් ලෙස ඉතිහාස ගතවනු ඇත.

  2. jayamal says:

    කවුරු එක්ක පුලුල් සන්ධාන හැදුවත් හැම විටම රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත යුතුව ඇත. කවුරුන් වුවද රට පාවා දෙනවා නම් ඊට විරුද්ධව ජනතාව නැගී සිටිනු ඇත. තනතුරු සහ වරප්‍රසාද වලට කෑදර කමින් රට පාවා දෙන අයට දේශපාලනයෙන් සමු දෙන්න දැන් හැමෝම පෙල ගැසී ඉන්නේ.

  3. Nim says:

    JAYAMAL OBA HARI
    POHOTTUWA NAYAKAYO
    NIWARIDE THERANA GATHA UTHIEE
    MAHA JANATHAWA NAWATHA
    RAWATENNE NAHA.

  4. Open mind says:

    අත්හරී. ලබ්බ.

    • DESHAN says:

      They should realised the mistake they have made and should immediately join the patriotic camp,in order to avert the antinational moves the present government prepares to bring.

Main News