ශ‍්‍රිලනිප නායකත්වයට එරෙහිව පළාත් සභා කැරැල්ලක්.. ජනපති මෛත‍්‍රීගේ පනත රට වටේම පරාදයි..

December 29, 2016 at 3:00 pm | lanka C news
ශ‍්‍රිලනිප නායකත්වයට එරෙහිව පළාත් සභා කැරැල්ලක්.. ජනපති මෛත‍්‍රීගේ පනත රට වටේම පරාදයි..

සංවර්ධන විශේෂ විධිවාධාන පනත් කෙටුම්පත ශ‍්‍රීලනිප මහ ඇමතිවරුන් සිටින සියළු පළාත් සභාවල පරාජය කිරීම ශ‍්‍රීලනිප නායකත්වයට එරෙහිව කැරැල්ලක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් රැස්වන කැබිනෙට්ටුවේදී ශ‍්‍රීලනිප ඇමතිවරුන්ද අත උස්සා සම්මත කරන ලද මෙම පනත අනුමැතිය සදහා පළාත් ආණ්ඩුකාරවරුන් මාර්ගයෙන් පළාත් සබා වෙත යොමු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් බවත් එවැනි පනතක් ශ‍්‍රීලනිප බලය හොබවන පළාත් සභාවලදී පරාජයට පත් වීම ශ‍්‍රීලනිප නායකත්වයට එරෙහිව අරගලයක් බවද කී මන්ත‍්‍රීවරයා එම අරගලයට තමන් හදවතින්ම එක්වන බවද පැවසීය.

20 views