ශ‍්‍රිලනිප නායක්ත්වය මෛත‍්‍රිගෙන් බලෙන් හෝ ගත යුතුයි.. නායකත්වයට මහින්ද පත් කල යුතුමයි.. ගොඩ එන්න වෙන කිසිත් නෑ..- සුසිල් විද්වතුන් අමතයි..

May 23, 2018 at 9:20 am | lanka C news
ශ‍්‍රිලනිප නායක්ත්වය මෛත‍්‍රිගෙන් බලෙන් හෝ ගත යුතුයි.. නායකත්වයට මහින්ද පත් කල යුතුමයි.. ගොඩ එන්න වෙන කිසිත් නෑ..- සුසිල් විද්වතුන් අමතයි..

හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයට පත් කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසා ඇත.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ සභාබති ධුරය බාර නොදෙන්නේ නම් කෙසේ හෝ එය ලබාගෙන මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දිය යුතු යයිද ඔහු සදහන් කර තිබේ.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතාගේ කොළඹ පිහිටි නිවසේදී ඊයේ මැදියම් රැුයද ඉක්ම යන තුරු පැවැති විශේෂ සාකච්චාවකදීය.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම විසින් රට පුරා පවත්වන්නට සූදානම් කරමින් ඇති ‘හෘද සාක්‍ෂියේ හඬ’ නම් සම්මන්ත‍්‍රණ මාලාව සම්බන්ධයෙන් මූලාක සාකච්චා පැවැත්වී ඇත්තේ එම කණ්ඩායමෙන් කිහිප දෙනෙකු හා ඉහල මට්ටමේ උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් පිරිසකගේ සහබාගීත්වයෙනි.

එස්.බී. දිසානායක, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, තිලංග සුමතිපාල, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන සිවු දෙනා 16 කණ්ඩායමෙන් සාකච්චාව මෙහෙයවූහ.

වත්මන් ජනාධිපතිවරයාද මෙම ගමන සදහා සම්බන්ධ කර ගත හැකි යයි සාකච්චාවේදී එස්.බී. දිසානායක මහතා කරන ලද යෝජනාවට දැඩි විරෝදයක් පලව ඇති අතර මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මෑතකාලීන් භාවිතාවන් අනුව ඔහු සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැක් බවත් ඉදිරියේදී සිදුවන ඕනෑම කටයුත්තක් සිදුවිය යුත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැතිව යයිද අදහස් පල වී ඇත.

41 views