ශ‍්‍රිලනිප නායක්ත්වය මෛත‍්‍රිගෙන් බලෙන් හෝ ගත යුතුයි.. නායකත්වයට මහින්ද පත් කල යුතුමයි.. ගොඩ එන්න වෙන කිසිත් නෑ..- සුසිල් විද්වතුන් අමතයි..

May 23, 2018 at 9:20 am | lanka C news
ශ‍්‍රිලනිප නායක්ත්වය මෛත‍්‍රිගෙන් බලෙන් හෝ ගත යුතුයි.. නායකත්වයට මහින්ද පත් කල යුතුමයි.. ගොඩ එන්න වෙන කිසිත් නෑ..- සුසිල් විද්වතුන් අමතයි..

හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයට පත් කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසා ඇත.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ සභාබති ධුරය බාර නොදෙන්නේ නම් කෙසේ හෝ එය ලබාගෙන මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දිය යුතු යයිද ඔහු සදහන් කර තිබේ.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතාගේ කොළඹ පිහිටි නිවසේදී ඊයේ මැදියම් රැුයද ඉක්ම යන තුරු පැවැති විශේෂ සාකච්චාවකදීය.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම විසින් රට පුරා පවත්වන්නට සූදානම් කරමින් ඇති ‘හෘද සාක්‍ෂියේ හඬ’ නම් සම්මන්ත‍්‍රණ මාලාව සම්බන්ධයෙන් මූලාක සාකච්චා පැවැත්වී ඇත්තේ එම කණ්ඩායමෙන් කිහිප දෙනෙකු හා ඉහල මට්ටමේ උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් පිරිසකගේ සහබාගීත්වයෙනි.

එස්.බී. දිසානායක, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, තිලංග සුමතිපාල, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන සිවු දෙනා 16 කණ්ඩායමෙන් සාකච්චාව මෙහෙයවූහ.

වත්මන් ජනාධිපතිවරයාද මෙම ගමන සදහා සම්බන්ධ කර ගත හැකි යයි සාකච්චාවේදී එස්.බී. දිසානායක මහතා කරන ලද යෝජනාවට දැඩි විරෝදයක් පලව ඇති අතර මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මෑතකාලීන් භාවිතාවන් අනුව ඔහු සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැක් බවත් ඉදිරියේදී සිදුවන ඕනෑම කටයුත්තක් සිදුවිය යුත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැතිව යයිද අදහස් පල වී ඇත.

32 views

18 Comments to “ශ‍්‍රිලනිප නායක්ත්වය මෛත‍්‍රිගෙන් බලෙන් හෝ ගත යුතුයි.. නායකත්වයට මහින්ද පත් කල යුතුමයි.. ගොඩ එන්න වෙන කිසිත් නෑ..- සුසිල් විද්වතුන් අමතයි..”

  1. Upul says:

    Ane meunge herda saksiye hada me kalaweddo tika herda sakya hoya gatha den Apit hondai pohottuwa.mun ekek nethath Mahindata janthawa chande deinawai ..
    .upul

    • Silva CC says:

      මෙයාගේ බොරු කයිය විතරයි. හිටං ව දැක්කාම චූ යනවා….!

      ඉතිහාසේ පුරාවටම ඕක තමයි මෙයාගේ භාවිතාව.

  2. chandapala says:

    හොඳ අදහස හර්ධ ශාක්ෂියට අනුව ක්‍රියාත්මක කර පෙන්වනු. වත්මන් සභාපති හිටියොත් පක්ෂයේ ලේල්ලවත් ඉතුරු වෙන්නේ නැත . සභාපති පමණක් නොව ලේකම් ජෝඩුව සමග අනික් කුණු රොඩු ටික එලවා නොදැම්මොත් ආයේ ශ්‍රිලනිපයක් නැති බව මතක තබා ගත්තොත් හොඳයි.

    • ExUNPer says:

      Whether we like it or not this is the truth and the reality.

    • bleo says:

      තව දුරටත් පවත්වාගෙන යන්න ශ්‍රි.ල.නි.ප. කියන්නෙ මොන මගුලක්ද ? නිකං මලකඳක් පමණයි දැන් ඉතුරුවෙලා තියෙන්නෙ. පක්ෂවල නමෙන් වැඩක් නෑ අපට. අපට ඕනෙ රටේ, ජාතියෙ දියුනුවට වැඩ කරන්න කැපවුනු, දක්ෂ මිනිස්සු ඒකරාශි වුන, මහජනතාව ඒ වටා එක් රොක් වුන බ්ලවේගයක්. නමෙන් අපට වැඩක් නැහැ. ‘කෙහෙල්මල’ කියල නම දම්මත් අපි අපේ චන්දෙ දෙනව. නම කන්නද අපට ? ඇරත් ඔය ශ්‍රි.ල.නි.ප. මලකඳ සදහටම වලදාන එක හොඳයි මේ අවුරුදු තුනට ඕකෙ ලැගල ඉඳපු එවුන් මේ රටට කරපු විනාසෙ නිසා.

  3. Sadda says:

    ප්‍රේමජයන්ත මහතාගේ ස්තාවරය ඉතාමත් නිවැරැදි යි. 16 දෙනාගෙන් යමෙක් එයට පටහැනි මතයක් දරයි නම් ඔහුගෙ හෝ ඇයගේ ගමනාන්තය යූඑන්පියෙන් හෝ දේශපාලන විශ්‍රාම යෙන් අවසන්වනු ඇත .

  4. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මෙයා සුද්දවන්තයෙක්ද?
    2019 පැරදුනොත් මෙයා ආයිත් අනිත් පැත්තේ

  5. Kolitha says:

    SLFP eka sirikothe branch ekak…….eeka dan minissunta uwamana naha…..katu kana sirage kukkanata denna…eeka.

  6. ranbandara says:

    ane manussayo 225 ekekwath epooooooooooooooooooooo

  7. Nihal Gunatilake says:

    Hello – This guy is highly scared about Mahinda (H-E) How many kids were admitted by him and his better half (wife) to schools through the back door during MR time? without taking any gifts or santhosam. bye – Nihal Gunatilake

  8. Karu says:

    අපට නම් හුඟාක් සැකයි. චන්දෙට ඉන්න බයේ කරන දහම් ගැටයක් වගේයි.

  9. Asaranaya says:

    සුසිලෝ අත තියා පපු ගැස්මෙන් දැන ගන්න,
    මේකා මාරුවුනු හැටි ඔබ හොඳටම දන්න,
    ආප්පය ගිල දමා මූ ගිය හැටි රට දන්න,
    වසළ වසළයා මයි මොහු ගැන නොසිතන්න.

  10. pp says:

    methuma gathin my3 laga hitiyata hitha mr lagayi.

Main News