ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන්ට කෝටි 08යි.. දෙමන සන්ධාන මන්ත‍්‍රින්ට කෝටි 05යි.. විශ්වාස භංගය වර්ජනය කරන්න ලංසුව ඉහල දැමේ..

April 4, 2018 at 3:22 am | lanka C news
ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන්ට කෝටි 08යි.. දෙමන සන්ධාන මන්ත‍්‍රින්ට කෝටි 05යි.. විශ්වාස භංගය වර්ජනය කරන්න ලංසුව ඉහල දැමේ..

විශ්වාස භංගය පරාජය කිරීම සදහා ඡන්දය ලබා දෙන දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රිවරයෙක් සදහා රුපියල් කෝටි පහක මිලක් අද වන විට නියම වී ඇති බව වාර්තා වෙයි.

ඊපීආර්එල්එෆ් හා ප්ලොට් යන පක්‍ෂ නියෝජනය කරන දෙමල ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු වේලාසනම තීරණය කර තිබුනේ ඡන්දය දීමෙන් වැලකී සිටීමට වන අතර ඔවුන්ද ඇතුළුව මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු ඡුන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබින.

පක්‍ෂ නායක සම්බන්ධන් හා සුමන්තිරන්ගේ අදහස වී තිබුනේ අගමැතිවරයාට පක්‍ෂව ඡන්දය ලබා දීම වුවත් සම්බන්ධන්ගේ අවසන් අදහස වී ඇත්තේ පක්‍ෂය තුල බෙදීමක් හටගන්නේ නම් ඡුන්දය දීමෙන් වැලකී සිටීම වඩා සුදුසු බවයි.

මේ අතර ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙ මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු පමණ ඡුන්දය දීමෙන් වැලකී සිටීම සදහා කෝටි 08 බැගින් මිල නියම කර ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව කෑගල්ල, ගාල්ල ඇතුලු ප‍්‍රදේශ කිහිපයක ශ‍්‍රිලනිප මැති ඇමතිවරුන් පස් දෙනෙකු පමණ ඡන්දය දීම සදහා නොපැමිනේනු ඇතැයිද සදහන්ය.

30 views

12 Comments to “ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන්ට කෝටි 08යි.. දෙමන සන්ධාන මන්ත‍්‍රින්ට කෝටි 05යි.. විශ්වාස භංගය වර්ජනය කරන්න ලංසුව ඉහල දැමේ..”

  1. AABB says:

    රට කන කාලකන්නි මිනිස්සූ

  2. Nim says:

    SRI LANKA WATA

    THERUWAN SARANI
    DEVE PIHITI.

  3. Nandasoma says:

    ඡන්දය නොදී, ලැබෙන සල්ලිත් අරගෙන ලංකාවෙ නම් ඉන්න ලැබෙන එකක් නැහැ….!

    දේශද්‍රෝහීන්ට ජනතාව දඬුවම් දෙනව නියතයි…..!!

  4. rathne says:

    Please vote for this idiot guys again next election please if held that. Sorry I don’t think they need to contest next election because they got enough money for generations. Sorry for Sri Lanka and future generations.

  5. maaraya says:

    මිනිස්සු එපා කියද්දී, රටම එපා කියද්දී මොන මගුලකටද එලිලා ඉන්නේ?
    මහජනයාට සේවය පිණිස ආවනම්, මහජනයා එපා, යන්න කියනවනම් ඇවිල්ල ඉන්නේ මොන සේවෙටද කියල පේනවනේ

  6. Open mind says:

    මට කීයක් වත් නැති එක ගැන දැන් නම් දුකත් හිතෙනවා……….අයියෝ……..

  7. amaris says:

    Now most hated man in srilanka is Ranil

  8. daminda says:

    janamathaya wikineema nirayata yana paara………….

  9. නිදහස් says:

    මෙවැනි අයට ‍මේ ආත්මෙ දඩුවම් ලැබෙන්නෙ නෑ.
    2015 ජනාධිපතිවරණයේ දී මහින්දට බැනපු අය අද වන විට සුපිරි ප්‍රකෝටි පතියො. උන්ට දේශපාලනය වැඩක් නෑ. සල්ලි හම්බවුනාම ඇති. දේශපාලනයට එන බොහොමයකගෙ 95% බලාපොරොත්තුව ඉක්මනට සල්ලි හම්බකරගන්න එක. ඒකට ඉතින් මේවගේ දේවල් සුළු දේවල්. මුන්ට රට විකුණල හරි තමන්ගෙ ගෑනියි දරුවොයි විකුණල හරි සල්ලි හම්බවෙනවනම් එච්චරයි.

  10. Leave says:

    You mean to say that all are in “Pohottuwa” saints.

    All others can be sold. Bur not the people in “Pohottuwa”

    But bullshit!!!

    MR regime is not 2nd to the Junta of JR.

Main News