ශ‍්‍රිලනිප සිංහ සෙයියාව අකුලාගනී.. බැදුම්කර පත්තරේ එක්ක ආදරේට තරහ වේ..

April 13, 2017 at 12:40 pm | lanka C news
ශ‍්‍රිලනිප සිංහ සෙයියාව අකුලාගනී.. බැදුම්කර පත්තරේ එක්ක ආදරේට තරහ වේ..

මහ බැංකුවේ බැඳුම්කර මගඩි මුදලින් ආරම්භ කර ඇති බැදුම්කර පුවත්පත් ඇතුළු මාධ්‍යවලට කිසිදු සම්මඛ සාකච්චාවක් නොදීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවධානය යොමු කර ඇත.

එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් පක්‍සයේ මධ්‍යම කාරක සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙවන් මාධ්‍ය ආයතන ආරම්භ කරන්නේ යයි වාර්තා පල වූ මුල් අවස්ථාවලදී ශ‍්‍රීලනිප ඇමතිවරුන් දිවුරා කියුවේ බැදුම්කර මගඩි මුදලින් වෙනත් ව්‍යාපාර ආරම්භ කරන්නට නොදෙන බවකි.

නමුත් දැන් එම මාධ්‍ය ආරම්භ කර වෙලදපලටද නිකුත් කරද්දී ඔවුන් කියන්නේ ඒවාට මාද්‍ය සාකච්චා නොදෙන බව මිස ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන බවක් නොවේ.

3 views

One Comment to “ශ‍්‍රිලනිප සිංහ සෙයියාව අකුලාගනී.. බැදුම්කර පත්තරේ එක්ක ආදරේට තරහ වේ..”

  1. budhdhimathaa says:

    තව ටික කාලෙකිං කියාවි මාද්‍ය නිදහස නිසා අපි ඒවටත් සාකච්ඡා දෙනව. බැඳුම්කර ප්‍රෂ්ණෙ වෙනම කොමිශන් දාල විසඳන නිසා කියල. කීයක් ඔට්ටුද?