ශ‍්‍රි ලංකාවට මහ අවමානයක්.. 2019 ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමේ අවදානමක්..

July 12, 2017 at 1:20 pm | lanka C news
ශ‍්‍රි ලංකාවට මහ අවමානයක්.. 2019 ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමේ අවදානමක්..

සිම්බාවේ සමග පැවති එක්දින තරගාවලිය පරාජයට පත්වීමත් සමග පැවති ප‍්‍රසාද ලකුණු 05ක් අඩු කර ගනිමින් ශ‍්‍රී ලංකා පිල 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට තරග වැදිය යුතු තත්වයකට පත්වීමේ අවදානම් තත්වයකට පත්ව සිටී.

මීලග ලෝක කුසලාන තරගාවලියට නිරායාසයෙන්ම තරග වැදීමට නම් එළැඹෙන සැප්තැම්බර් 30 වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 08 දෙනා ඇතුලත සිටිය යුතුය.

ප‍්‍රසාද ලකුණු 88ක් ගෙන තවමත් 08 වැනි ස්ථානයේ සිටින ශ‍්‍රී ලංකාවට පසුපසින් සිටින බටහිර ඉන්දීය කොදෙවු පිල ප‍්‍රසාද ලකුණු 78ක් ගෙන සිටී.

සැප්තැම්බර් 30ට පෙර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග පහක් පැවැත්වීමට නියමිත අතර කොදෙවු පිලද එංගලන්තය සමග තරගාවලියටකට සහභාගී වෙයි.

මේ තත්වය මත ඉන්දීය තරගාවලිය තුල දැවැන්ත ජයග‍්‍රමණයක් වාර්තා කිරීමට නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාව 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට තරග වැදීමේ අවමානයකටද මුහුණ දීමට සිදුවෙයි.

යම් හෙයකින් එම සුදුසුකම් ලැබීමේ වටයේදී සිම්බාවේ, ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය ආදී රටවල් සමග තරග ජයගත නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන තරගාවලියට තකරග වැදීමේ අවස්ථාව අහිමි වනු ඇත.

දැනට එක්දින ශ්‍රේණිගත කිරීම මෙතනින්

32 views
Main News