ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

April 20, 2021 at 10:00 am | lanka C news
ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ දැනටමත් කොළඹ යාපනය ත්‍රිකුණාමලය පුත්තලම දිස්ත්‍රික්ක දැඩි අවදානමක් පවතින බවයි.

අද වන විට දෛනික සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව පහල දමා ඇතත් එම ප්‍රමාණය 10,000 දක්වා හෝ වර්ධනය කළ යුතු බවත් ඇහඹු පරීක්‍ෂණ ඉහල දැමිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙති.

ගත වූ අලූත් අවුරුදු සමයේ මහජන හැසිරීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකිමින් සිදුවූ නිසා කොරෝනා ඉහළ ව්‍යාප්තියක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බවද ඔහු පැවසීය.

මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරි මාසවල මුව ආවරණ පැළඳීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි.

මුව ආවරණ නොමැතිව නිවසෙන් පිටතට නොඑන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙ​තෙක් වාර්තා වූ ආසාදිතයන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අවම වුවත් දැනට ඇතිවන තත්ත්වය මත එක්වරම රෝගී ප්‍රමාණය වැඩි වුනොත් රට විවෘතව තැබීම පවා අවදානම් විය හැකි යැයි ද ඔහු කියා සිටියේය.

81,418 views

35 Comments to “ශ‍්‍රි ලංකාව ඉන්දියාව මෙන් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ.. රට විවෘතව තැබීම අවදානම්… දැඩි අනතුරු ඇගවේ..”

  1. බිල්ල says:

    බටහිර ඖෂධ කොම්පැණිවල සේල්ස් රෙපාල බෙල්ලේ එල්ලන් ඉන්න නලාවෙන් එල්ලිලා මැරෙන්න වටින වැඩක්නේ. අපිට පව් නොදී මැරියල්ලකො කුණු ඉන්ස්පක්ටර්ලගේ ඉඳලා ඇමති වෙනකම් ඉන්න හැතිකරේ. එතකොට මේ රටේ මිනිස්සු හෙම්බිරිස්සාවට කොතතමල්ලි බීල සුවවේවි. මුන්ට තියන අමාරුව PCR කියන පට්ටපල් බොරු ටෙස්ට් එක කරලා කොරෝනා සංඛ්‍යාව වැඩිකරගන්න බැරි වෙච්ච එක. ජනාධිපතිතුමා සහ ආණ්ඩුව හරි. මෝඩ සෞඛ්‍ය ඇමතිට සහ එයාගේ අමත්යන්ශේ මේ රට වලලන්නයි හදන්නේ.

  2. rumesh says:

    කොවිඩ් 19 වෛරසයට එරෙහි නිෂ්පාදිත සහ ආයුර්වේද සුත්‍ර කමිටුව මගින් අනුමත ඖෂධීය “EPIREPIES” ප්‍රතිකාර ඖෂධය වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් හඳුන්වා දෙන ලදී.
    call :- 091 7914202 / 075 9874223/ 077 8580474
    COVID 19 Prevention Medicine
    “EPIREPIES” Is a Natural Herbal Medicine Containing The Extract Of Timeless Medicinal Herbs. It aids the body In curing ailments such as phlegm, dry cough , shortness of breath runny nose and pulmonary fibrosis. This natural formulation Especially Capable of Boosting The immunity system to help prevent coronavirus This herbal medicine is suitable children older people and pregnant women alike.

  3. rumesh says:

    Dr. Tharanga Kumari Wickramasooriya introduced the medicine called EPIREPIES.
    කොවිඩ් 19 වෛරසයට එරෙහි නිෂ්පාදිත සහ ආයුර්වේද සුත්‍ර කමිටුව මගින් අනුමත ඖෂධීය “EPIREPIES” ප්‍රතිකාර ඖෂධය වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් හඳුන්වා දෙන ලදී.

  4. Sorry_Wije says:

    මොක්කුද බං මේ පිඑචයි ලා ගේ සමිති වල ඉන්න උන්? ක්ෂුද්‍ර ජීවී වෛද්‍ය ස්පෙෂලිස්ට් ලාගේ වැඩේ කරන්න යන්නේ. ලැජ්ජාවේ බෑ.

    • ranga says:

      උඹේ ඔය කතාවෙ ඇත්ත නැත්ත බලමු තව සති කිපයකින්.

  5. ගමරාල says:

    අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් විවුර්ත කිරීම සතියක්වත් කල් දාල කලානම් රෝග වයාප්තිය අවම කර ගන්න තිබ්බ .. දැන් ප්‍රමාද වැඩියි.. තීරන ගන්න මහ මොල වල මැටි

  6. D.Nimal says:

    After 74 years of Independence of Republic Indian that ruling classes was unable delivered nothing except rise death toll unprecedentedly in ongoing by Covid 9 pandemic? Indian ruling classes is incapable to contain Covid 19 ? Is tragedy of People of Indian are face of by poor performances of Governances.We sympathies with that People of Indians in such tragic situation.

  7. D.Nimal says:

    Look at People’s Republic of China under leadership CPC since 1949 they has been contain Covid 19 very accepted conditions throughout country . The Ruling party of BJP of India far from that . Its failure do any positive steps to by govt of India contain Covid 19?

Main News