ශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…

January 8, 2022 at 4:40 pm | lanka C news
ශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…

මුදල් අච්චු ගැසුවාට උද්ධමනය ඉහල නොයන බවට මහබැංකු අධිපතිවරයා පවසන්නේ ආර්ථික විද්‍යාවේ මූලිකම දැණුමවත් නොදන්නා අයෙකු ලෙසයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආර්ජන්ටීනාව,සිම්බාබ්වේ ,වෙනිසියුලාව දෙසට මේ රට තල්ලු කිරීමට මහබැංකු අධිපතිවරයා කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුවේ අන්තනෝමතික තීරණ හේතුවෙන් රටම විනාශය කරා යන බව කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 35 වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ වව්නියාව දිස්ත්‍රික් රෝහලට පරිත්‍යාග කරනු ලැබිය.

රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා Dialysis Machine with Portable RO System යන්ත්‍රයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වව්නියාව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රාහුලන් මහතා වෙත මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 34ක් තුල ලක්ෂ 1016ක (රුපියල් 101,610,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

– media unit

14,912 views

9 Comments to “ශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…”

  1. බන්ඩා says:

    ආර්තික විද්‍යාව ඉහලින්ම පාස් සජී සියල්ල නොමිලේ බෙදා රට ගොඩ ගන්නවා නියතය්.

    • Amaris says:

      සිම්බාබේ රටේ උද්ධමනය උච්චම අවස්තාවට පැමිනි වකවානුවේ එක්තරා පුද්ගලයෙක් විල්බරෝ එකක සල්ලි පුරවා පාන් රාත්තලක් ගෙන ඒමට කඩයක් සොයා යනවලු. අතරමගදී ඔහු කොල්ල කරුවන්ට හසුවෙලා. කොල්ලකරුවෝ මුදල් නෝට්ටු කානුවට විසිකර විල්බරෝ එක රැගෙන පල්ගොසින්.

  2. Chanda pala says:

    මේ යකා 8 වසර වත් හරියට සමත් නැහැ මහා බැංකුවේ කසල ශෝදක වැඩේට ගන්නෙත් අ පො ස (සා පෙ ) සමත් එකෙක් මු හදනවා බැංකු අධිපතිට උපදෙස දෙන්න. ඉදිරියේදී වෙන්නේ 3% උන් මේ වගේ මට්ටෝත් එක්ක එකතු වෙලා ඉතිරි ටිකත් කනවා. චන්දයක් තිබ්බොත්. පොහොට්ටුවට 30%, ජප්පන්ට 25% ස ජ බේ මැට්ටන්ට 25% පාට නැති ලීයට 2% ඉතුරු ටික සුළු ජාතිකයෝ බෙදා ගන්නවා. හුටන්ටයි හිටන්ටයි එකක්වත් නැහැ.

    • Sinhalaya says:

      A kiyanne metimollu 50/100 k innawa. Oya kalakanni heththa innakam ratath jathiyath anathaya me wal uranta penenne weradi witharak rate karumeta munta covid hedilawath merenne nethi hety

    • කැපුවත් පොහොට්ටුවට says:

      කවුද මෝඩයො උබට පොහොට්ටුව 30%යි ගන්නෙ කිව්වෙ. පොහොට්ටුව 53%ක් ගන්නව.

  3. John the baptice says:

    තමන්ගේ නායකයාගේ මහා බැංකු හොරකම සැපද? ලැජ්ජයි

  4. අපි රජයෙ සේවකයන් says:

    හරි නම් රජයෙ සේවකයන් ට රුපියල් 20000 කින් පඩි වෙඩි වෙන්න ඕනේ පුද්ගලික අන්සයෙ සේවකයන් වගේ නෙමේ කොරොනා අවුරුදු 2කේම අවුරුද්ද ට දවස් 365ම වෙඩ කරල රට ගොඩ ගත්තෙ

  5. මද්දුම බංඩාර (සජබ මහ ලේකම්) says:

    අපේ නායක තුමාගෙ ජාත්‍යන්තර දැනීම ගැන මම ආඩම්බර වෙනවා.

  6. vis8 says:

    Aiyooo. Unp losers trying to make some noise while the country is suffering. Does anyone think these morons can do better? If they were in power, there would have been terrible vaccination programs. Many would have died. Sri Lankans have very short sighted vision, that is driven by greed. Sad.

Main News