ශ‍්‍රි ලංකා ආර්ථිකය අවදානමේ.. පියවර 19කින් පහලට.. ජාත්‍යන්තර දර්ශකයක් ලොව පුරා ආයෝජකයින්ට කියයි..

February 22, 2017 at 3:21 am | lanka C news
ශ‍්‍රි ලංකා ආර්ථිකය අවදානමේ.. පියවර 19කින් පහලට.. ජාත්‍යන්තර දර්ශකයක් ලොව පුරා ආයෝජකයින්ට කියයි..

එක්සත් ජනපදයේ Heritage Foundation විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික ස්වාධීනත්ව දර්ශකයට (Index of Economic Freedom) අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19 කින් පහලට ගොස් තිබේ.

මේ අනුව නොබෝදා එළිදක්වන ලද 2017 ආර්ථික ස්වාධීනත්ව දර්ශකයේ 112 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙන අතර 2016 වසරේ දී ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයේ පසුවිය.

මෙහිදී ශ්‍රී ලංකාවට 57.1 ක ලකුණු ප්‍රමාණයක් ලැබී තිබෙන අතර පසුගිය වසර 6 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලැබුණු අඩුම ලකුණු ප්‍රමාණය ලෙසින් මෙය වාර්තා වේ. ලකුණු 100 ක සමස්තයකින් හිමිවන මෙම ලකුණු ප්‍රමාණය 2016 වසරේ දී 59.9 ක් විය.

මෙම වර්ගීකරණයේ දී ලකුණු 50 ට වඩා අඩුවෙන් ලබා ගන්නා රටවල් ආර්ථික ස්වාධීනත්වය යටපත් කරනු ලැබූ (Repressed) රටවල් ලෙසින් හඳුන්වා ඇති අතර ලකුණු 50-70 අතර රටවල් වැඩිවශයෙන් ආර්ථික පරාධීන (Mostly Unfree) රටවල් ලෙසින් හඳුන්වා තිබේ. ශ්‍රී ලංකාව අයත් වන්නේ එම කාණ්ඩයට ය.

70-80 ලකුණු කාණ්ඩයේ රටවල් වැඩිවශයෙන් ආර්ථික ස්වාධීනත්වයක් ඇති රටවල් ලෙසත් ලකුණු 80 ට වඩා ලබා ඇති රටවල් පූර්ණ නිදහස් රටවල් ලෙසත් හඳුන්වා ඇත.

මෙහිදී ආර්ථික නිදහස ඇති ලොව හොඳම රටවල් 5 වශයෙන් හොංකොං, සිංගප්පූරුව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා ස්විස්ටර්ලන්තය නම් කර තිබේ.

රටවල් 180 ක් මෙම ඇගයීමට යොදාගෙන ඇති අතර ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සිරියාව, යේමනය හා Liechtenstein යන රාජ්‍යයන් මෙම අධ්‍යයනයට යොදා ගෙන නොමැත.

– Adaderana

31 views

4 Comments to “ශ‍්‍රි ලංකා ආර්ථිකය අවදානමේ.. පියවර 19කින් පහලට.. ජාත්‍යන්තර දර්ශකයක් ලොව පුරා ආයෝජකයින්ට කියයි..”

  1. asaranaya says:

    ලෝකයා මෙසේ කියද්දිත් පඹයා සහා පින්ගුත්තරයා කියන්න අපි සන්වර්දනෙ ඉනිමගේ නගිනවා කියා, අසුචි බුදිපු 62 ලක්ශයෙ පොන්නයින්ට දැන් වැටහෙනවාද වෙනස

    • Perera says:

      mara ගේ දුෂිත පවුල් පාලනයේ සැබෑ සැප දැන් තමා. අතිඋතුම් සුදුතුම්පිය රනිල් උතුමාණන් දැවැන්ත සාර්ථක පරිශ්‍රමයක් දරනවා රට ගොඩ ගන්න එතුමාණන්ගේ මහා බුද්දි මහිමය පහල කල ජිසස්ට අපි උදේ හවා යාඤ කරන්නෙමු. ජිසස්ගේ සුපිරි බලය නිසාම අද 250 වීමට තිබු හාල් 80 ක මිලක පවත්වා ගැනීමට හැකිව ඇත. රටේ බහුතරය ජීසස් සමග එකතුවන්නේ නම් සහල් මිල 50 ට බස්සවන බවද, රට සුකිත මුදිත කරවන බව ජීසස් අපට නිතරම මස්සේජ් එවති.

    • alaya says:

      මේ විශ්ලේෂණයෙන් කියවෙන සරල දේ තමයි .. ලෝකේ තියෙන වෙළඳ සමාගම්වලට අවශ්‍ය විදියට නටන්න ලංකාවේ නිදහස නෑ ……….සිංගප්පුරුව, හොං කොං වගේ එවල තියෙනවා කියන එක …ඉතිං ..මේක පිටරට ඉඳල ලංකාව සුරං කන්ද එන කොම්පැනි වලට තියෙන භාදකයක් මිස අපේ ප්‍රශ්නයක් නෙවෙයි
      ඒ නිසා මං කියන්නේ …මේ කොමෙන්ට් දාල තියෙන අය කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්නම් බොරුවට තප්පුලන්නේ නැතුව හිටියනම් තමයි හොඳ ….

  2. Pachaya says:

    Prior to 8 Jan these ratings are Very important numbers but now consider as rubbish.

    Can imagine ngo paid idiot’s mentality who posted comments

Main News