ශ‍්‍රි ලංකා ක‍්‍රීඩකයන් ගිවිසුම් අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂෙප කරති..

June 5, 2021 at 3:50 pm | lanka C news
ශ‍්‍රි ලංකා ක‍්‍රීඩකයන් ගිවිසුම් අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂෙප කරති..

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා තෝරාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එම සංචාරය සඳහා ගිවිසුම අත්සන් නොකිරීමට තීරණය කර තිබේ.

ක‍්‍රීඩකයන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥයා විසින් මේ බව නිවේදනය කරයි.

එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ නවක ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී ඇති වී තිබෙන අක්‍රමිකතා සහ එහි විනිවිදභාවය ගැන ඇති බරපතළ ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම එංගලන්තය සඳහා මෙන්ම ඊට පසු එළඹෙන කුමන හෝ සංචාරවලට අදාල ගිවිසුම් ද එම ක්‍රීඩකයන් විසින් අත්සන් නොකිරීමට තීරණය කර තිබේ.

කෙසේ කෙසේ නමුත් ගිවිසුමට අත්සන් කිරීමට එකඟ නොවුණත් එංගලන්ත සංචාරය ඇතුළු අනෙකුත් සංචාර වලට ක්‍රීඩා කිරීමට සියලුම ක්‍රීඩකයන් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

46,770 views

9 Comments to “ශ‍්‍රි ලංකා ක‍්‍රීඩකයන් ගිවිසුම් අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂෙප කරති..”

  1. ඔවි ඉතින් ගියා මැච් එක ගැහුව පරාද උනා . මොනව හරි බයිලා ටිකක් ගැහුව .සන්චාරය ඉවරයි ගෙදරට ආවා.වැඩ්ඩෝ තමයි .

    • King Bull says:

      බැරි අය තියල යමු. බංගලින්ටත් පැරදුන ටීම් එකනෙ.

  2. Silva says:

    Eka හොදයි. දැන්වත් ඕකුන් ටික එලවල අලුත් ටීම් එකක් හදමු. මුලු ලංකාවම ඒකට කැමති.

    • country man says:

      Silva, fully agree with you. For the next couple of years we are going to loose most of the matches any way. Get rid of most of these selfish players and form a new young team .In a few years we will have a strong team. Tell these idiots what was paid to the national team players when they won the world cup. In the sixties we were playing cricket and foot ball for the department of Irrigation ,and we were paid only the bus fare. So tell these idiots to go and fly a kite. With all ,the problems we are going through, in this world at the moment ,we can do with out cricket.

  3. Sam Fernando says:

    Leave these buggers and go with some new comers. People are fed up with their performance. It is much better to train some new guys. No problem whatever results they show because these people do the same.

  4. tdsolo says:

    බැරි එවුන්ට ඉන්න කියලා කැමති එවුන් ටිකක් දාලා ගහපල්ලා ඔකුන්ම දාලා ගැහුවා කියලා දිනන්ඩ නෙමේ නෙ ගහන්නේ.කහ කහ ගෙදර ඉන්න බැරි හින්දයි නිකන් සෙල්ලම් කරාම කුට්ටි පිටින් හම්බවෙන නිසයි.පරයන්ට දිනන්ඩ අදහසක්වත් තියෙනවද? ඉස්සර උනට එහෙම හිතුනට ඒ වගේ එවුන් නෙමේ දැන් ඉන්නේ

  5. Aurora says:

    මේක තමයි රටේ තත්වය. අයථාවිධියට බලයට ආපු ඕනෑම ලොක්කෙකුට ප්‍රසිද්ධියෙ හෑල්ලු වෙන්න වෙනවා. හොද හොද සෙල්ලම් පසුවට. සෑම ක්ෂේත්‍රයකම මේ තත්වය පැතිරෙනවා ඉදිරියට බලන්න පුලුවන්.

  6. මැච් එකක් දිනාගන්න බැරි එවුන් එක්ක මොන ගිවිසුම්ද. ගහනවා නම් ගහපන්, නැතිනම් පලයන් කියලා කියන්න. ගම්වල ඔයිට වඩා හොද අය ඕනාතරම් ඉන්නවා .

  7. sunimal says:

    අනික් රටවල් වල මෙම ක්‍රමය තිබේද කියා පළමුවෙන් සොයා බැලිය යුතුය.