ශ‍්‍රීපනිප මන්ත‍්‍රී තොගයක් අද පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. උත්සවය බත්තරමුල්ලේ..

November 11, 2018 at 8:40 am | lanka C news
ශ‍්‍රීපනිප මන්ත‍්‍රී තොගයක් අද පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී.. උත්සවය බත්තරමුල්ලේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙතෙක් කටයුතු කල හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නිල වශයෙන් ලබාගැනීමට නියමිතය.

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද පෙරවරුවේ මෙම කටයුත්ත සිදු කිරීමට නියමිතය.

හිටපු මන්ත්‍රීවරුන් පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා පොදු පෙරමුණ සමග එක්වීමට නියමිත බව ද වාර්තා වේ.

201 views