ශ‍්‍රීපාද නල්ලතන්නිය සංචාරක කලාපයක් කරනවා.. අගෝස්තුවේදී සංචාරයකයන් එනවා..- අගමැති

May 12, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රීපාද නල්ලතන්නිය සංචාරක කලාපයක් කරනවා.. අගෝස්තුවේදී සංචාරයකයන් එනවා..- අගමැති

ශ්‍රි පාද නල්ලතන්නිය පුජා නගරයක් සහ සංචාරක කලාපයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසංහ මහතා පැවසිය.

අග්‍රාමාත්‍යයවරයා එ බැව් පවසා සිටියේ නල්ලතන්නිය සහ මස්කෙලිය ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන්  නල්තන්නිය වයිට් එලිෆන්ට් හෝටලේ පැවති  සාකච්ඡාවෙන් අනතුරුව පැවති රැස්විම අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අග්‍රාමාත්‍යයවරයා  කියා සිටියේ නල්ලතන්නිය වෙළද ව්‍යපාරිකයන්ගේ ඉඩම් වල හිමිකම් ඔප්පු නොලැබිම සම්බන්ධයෙන් අදාල විෂයභාර අමාත්‍යයවරයා සමග සාකච්ඡා කර කඩිනමින් විසදුමක් ලබාදෙන බවයි.

නුවරඑලිය සංචාරක කලාපයට අමතරව බගවන්තලාව, නල්ලතන්නිය සහ නෝටන්බ්‍රිජ් යන නගර ද  සංචාරක කලාප බවට පත් කිරිමට අවශ්‍යය කටයුතු කරන බව අග්‍රාමාත්‍යයවරයා කියා සිටියේය.

පාස්කු ඉරුදින සිදුකල ත්‍රස්ත ප්‍රහාරයෙන්  පසු  මෙරටට විදේශිය සංචාරකයන්ගේ පැමිණිමේ අඩුවක් ඇති බවත්, මේ වසරේ අගෝස්තු මස වන විට යලිත් මේ රටට විදේශිය සංචාරකයන් ගෙන්වා ගැනිමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යයවරයා කියා සිටියේය.

මෙම  ව්‍යපාරික හමුවට ප්‍රථම අග්‍රාමාත්‍යයවරයා  මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ අශිර්වාද පුජාවකටද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,401 Viewers

18 Comments to “ශ‍්‍රීපාද නල්ලතන්නිය සංචාරක කලාපයක් කරනවා.. අගෝස්තුවේදී සංචාරයකයන් එනවා..- අගමැති”

  1. සිරා says:

    රට ගිනි අවුලවපු සාතන්ට මේ ගිනි ගොඩටම පැනලා දිවි නසා ගන්න වේවි.

    • සඳවට රන්තරු says:

      අපි පාසල් ගිය කාලයේ වතාවක් පන්තියේ සියලුම ළමයින් පන්ති කට් කර පාසලේ විවිද තැන්වලට වී සිට විදුහල්පතිතුමාට අහුවුනා පසුව සියලුම ළමුන් ඔහුගේ කාර්යාලයට කැඳවා වේවැල් පහරද දී බොහොම දැඩි ලෙස දොස් කිවා .මෙහිදී එක් සිසුවෙක් විදුහල් පතිතුමා අමතා “සර් ..සර් ..අපි සෙනසුරාදා පන්ති තියලා ඉගෙනීම දිය්නුකරගමු “කියා කිවා එවිට විදුහල්පතිතුමා ඉතාම උපහාසාත්මක සිනාවක් පා කිවේ
      “තමුසේනම් මිහරකෙක් ඔයි ,මේ තියෙන පන්තියට එන්නේ නෑ ඒ මදිවට සෙනසුරාදා අමතර පන්ති තියන්න කතා කරනවා “කියා එතැන් සිට ඒ සිසුවාට අනෙක් සහෝදර සිසුන් මිහරකා ලෙස ඇමතුවා .
      දැන් මේ කතාවෙන් මට මතක්වෙන්නේ අන්න ඒ සිද්දිය
      මු නම් අමුම අමු මි හරකෙක් ඒ මදිවාට අපිත් මීහරක් කියල හිතනවා
      රටේ ආරක්ෂාව ගැන නොබලා රටට කෙලවුනාට පස්සේ සංචාරක කර්මාන්තයට කෙල උනාට පස්සේ නල්ලතන්නියේ පුජානගරයක් හදන්න කතා කරනවා .මීහරක් ට රට බාර දුන්නම වෙන්නේ මේක තමා

    • UNP කාරයොන්ගෙ කටේම තියෙන්නෙ සංචාරකේ…. උන් දන්නෙ එච්චරයි.. වසර දහස් ගනනක් තිස්සෙ මේ රටේ මිනිස්සු කාටවත් අත නොපා කාලා බීලා වැව් දාගැබ් වෙහෙර විහාර හැදුවෙ කෘෂිකර්මාන්තයෙන්… අදත් අපිට ඔබින කර්මාන්තය එයයි.. තව අපේ සම්පත් වලින් අපි හදන හදන්න පුළුවන් නිෂ්පාදන අනන්තයි. මොන ගිණි ගෙඩි පාත් උනත් මොන සම්බාධක දැම්මත් නවතින්නෙ නැති කර්මාන්තය ඒකයි.. මූද අයිනෙ ඔක්කොම බයියලා හෝටල් හදාගෙන උඩ බලන් ඉන්නවා.. මෙහේ කුඹුරු පුරන් වෙනවා. තව මේ සාතන් රට මධ්‍යමයෙත් සංචාරක කර්මාන්ත ගහන්න හදනවා..

      • jaya says:

        aththa sahatika synthase sahodaraya

        • JOY says:

          බටලන්දේ වාදකයා මුළු බෞද්ධ පුද බිම් විනාශ කරනවා හෙළයිනේ දැන්වත් මේ නරුමයා පන්නා දැමීමට කටයුතු කරව්
          සමන් දේවාලෙට ගියේ ජනතාව රැවටීමට බව දැන් පැහැදිලියි නේද ?

  2. SOUHAINE MALAL says:

    nodaking

    • SALMAL says:

      Go to hell traitor Ranil…
      Yahapalanaya is like a Cancer,You can be a victim of it and this affects all of us ..
      We have two options, give up or fight
      Send this Traitor RANIL & Yahapalanaya to hell ..Why waiting ?
      Wake up ” SINHALESE BUDDHIST FOLKS” wake up Protect our only Buddhist Sinhalese Motherland

  3. මූ කරන සන්වර්ඩනය බලන්න ඇස් දෙකක් මදි යකෝ—

  4. Critic says:

    First tell us how long will you be in power? Who’re those tourists? Are they Arabs?

  5. Ratawasiya says:

    අගෝස්තුවල සංචාරකයො එයි බලාගෙන ඉන්න ඔබතුමා.

    • Kadiya says:

      අගෝස්තුවේ අරාබි රටවලින් කෝටිපති සංචාරකයෝ එනවා “Adams peak” නගින්න. ඒක “Adams peak” නගින්න නියම කාලේ. තද සුළං සමඟ නියම ඝර්මකලාපීය වැස්ස. “Adams peak” නගින ගමන් දිවියෝ සහ කළු කොටි බලාගන්නත් පුළුවන්. පොඩි පරහකට තියෙන්නේ උන්ගේ ප්‍රහාර නිසා මැරෙන්නත් පුළුවන්. මුස්ලිම් බංකර් පල්ලි වලින් එකතු කල කඩු ආරක්ෂාවට යොදාගන්න පුළුවන්. කිමිදුම් කාරයන්ගේ ඇඳුම් ඇඳගෙන ගියාම කූඩලු හමුදාවෙන් බේරෙන්න පුළුවන්. දැන් නල්ලතන්නිය, මස්කෙළිය, නොර්ටන්බ්‍රිජ් ප්‍රදේශවල තරු හෝටල් හදමු.

  6. Ravana Parapura says:

    සුද්දගේ කාලේ වගේ ශ්‍රී පාදෙත් තැබෑරුම් අරින්න වගේ යන්නේ මේ කලුසුද්දා

  7. Mr.pkundi says:

    In one this is good rather than talking always about the swords and Islamic terrorism.. talking something about the development whether it’s a true or false

  8. නිමල් says:

    දැන් දවල් හිනත් දකිනවා.

  9. Aurora says:

    කව්ද කිව්වේ මුන්නැහැගේ මොලේ අලයක් කියල. මෙහෙම ක්ෂණික විසඳුම් දෙන්න පුළුවන් අගමැති කෙනෙක් ඉන්න අපි කොතරම් වාසනාවන්තද? මහනුවර අධිවේගී මාර්ගය නල්ලතන්නිය දක්වා අගෝස්තුවට පෙර දීර්ඝ කරනවා. එතකොට කටුනායක එයාපෝර්ට් එකේ ඉඳන් කෙලින්ම නල්ලතන්නියට එන්න පුළුවන්. එම සංචාරකයන්ට නවාතැන් ගන්න නල්ලතන්නිය, මස්කෙළිය, නොර්ටන්බ්‍රිජ් ප්‍රදේශවල තරු 3-5 දක්වා හෝටල් කාමර 2000 වත් හදන්න ඕන. මේ සංචාරකයන්ගෙන් අපට USD බිලියන් 5 කවත් ආදායමක් ලබාගන්න පුළුවන්. තවත් ………..

  10. Gayantha says:

    මූට උපරිමේට පිස්සු.

  11. UNP GAL IBBA says:

    මට නම් පෙනෙන්නේ අන්තිම බොදුබිමවූ ශ්‍රීපදයටත් මු කෙලවන්න තමයි යන්නේ මේ දෙපිටකට්ටු වැඩවලින් රටටත් ජාතියටත් ආගමටත් සෙනසුරා ලබනවා වගේ????

  12. kara says:

    Yako.. matada pissu… naththam mutada pissu..

Main News