ශ‍්‍රීපාද නල්ලතන්නිය සංචාරක කලාපයක් කරනවා.. අගෝස්තුවේදී සංචාරයකයන් එනවා..- අගමැති

May 12, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රීපාද නල්ලතන්නිය සංචාරක කලාපයක් කරනවා.. අගෝස්තුවේදී සංචාරයකයන් එනවා..- අගමැති

ශ්‍රි පාද නල්ලතන්නිය පුජා නගරයක් සහ සංචාරක කලාපයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසංහ මහතා පැවසිය.

අග්‍රාමාත්‍යයවරයා එ බැව් පවසා සිටියේ නල්ලතන්නිය සහ මස්කෙලිය ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන්  නල්තන්නිය වයිට් එලිෆන්ට් හෝටලේ පැවති  සාකච්ඡාවෙන් අනතුරුව පැවති රැස්විම අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අග්‍රාමාත්‍යයවරයා  කියා සිටියේ නල්ලතන්නිය වෙළද ව්‍යපාරිකයන්ගේ ඉඩම් වල හිමිකම් ඔප්පු නොලැබිම සම්බන්ධයෙන් අදාල විෂයභාර අමාත්‍යයවරයා සමග සාකච්ඡා කර කඩිනමින් විසදුමක් ලබාදෙන බවයි.

නුවරඑලිය සංචාරක කලාපයට අමතරව බගවන්තලාව, නල්ලතන්නිය සහ නෝටන්බ්‍රිජ් යන නගර ද  සංචාරක කලාප බවට පත් කිරිමට අවශ්‍යය කටයුතු කරන බව අග්‍රාමාත්‍යයවරයා කියා සිටියේය.

පාස්කු ඉරුදින සිදුකල ත්‍රස්ත ප්‍රහාරයෙන්  පසු  මෙරටට විදේශිය සංචාරකයන්ගේ පැමිණිමේ අඩුවක් ඇති බවත්, මේ වසරේ අගෝස්තු මස වන විට යලිත් මේ රටට විදේශිය සංචාරකයන් ගෙන්වා ගැනිමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යයවරයා කියා සිටියේය.

මෙම  ව්‍යපාරික හමුවට ප්‍රථම අග්‍රාමාත්‍යයවරයා  මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ අශිර්වාද පුජාවකටද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

61 views

18 Comments to “ශ‍්‍රීපාද නල්ලතන්නිය සංචාරක කලාපයක් කරනවා.. අගෝස්තුවේදී සංචාරයකයන් එනවා..- අගමැති”

  1. UNP GAL IBBA says:

    මට නම් පෙනෙන්නේ අන්තිම බොදුබිමවූ ශ්‍රීපදයටත් මු කෙලවන්න තමයි යන්නේ මේ දෙපිටකට්ටු වැඩවලින් රටටත් ජාතියටත් ආගමටත් සෙනසුරා ලබනවා වගේ????

  2. kara says:

    Yako.. matada pissu… naththam mutada pissu..

Main News