ශ‍්‍රීපාද වන්දනා වාරය අවසන්.. බැතිමතුන් නැතිව සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ වැඩම කරවයි..

May 8, 2020 at 12:40 pm | lanka C news
ශ‍්‍රීපාද වන්දනා වාරය අවසන්.. බැතිමතුන් නැතිව සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ වැඩම කරවයි..

2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය (07) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන්කල බව සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල ශ්‍රි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

මේ අනුව චාරිත්‍රානුකුලව ශ්‍රි පාද උඩ මළුවේ (08) දින උදැසන පැවැත් වු තේවාවන් සහ විශේෂ ආගමික වතාවන් වලින් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවේ වැඩම කර තිබු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථාන දක්වා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් වැඩම කරවිම  මේ වන ආරම්භ කර ඇත.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කරවන සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ විශේෂ රන්සිලි ගෙයක තැන්පත් කර බගවන්තලාව , බලංගොඩ  මාර්ගය ඔස්සේ ගල්පොත්තාවෙල ශ්‍රි පාද  රජමහා විහාරස්ථානය වෙත වැඩම කර විශේෂ  පුජාවන් ගණනාවක් එහි පවත්වා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වි ආපසු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කරවන අවස්තාවේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත විශාල බැතිමතුන් පිරිසක් ඉකුත් වර්ෂ වල පැමිණ සිටියත් (08) දින බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව වැඩම කරවන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,245 Viewers

3 Comments to “ශ‍්‍රීපාද වන්දනා වාරය අවසන්.. බැතිමතුන් නැතිව සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ වැඩම කරවයි..”

  1. Covid-19 මඩින අරමුදලට ශ්‍රී පාද භාර කාර අරමුදලින් පරිත්‍යාගයක් ලබා දෙනවා නම් සමන් දෙවි පිහිටයි

    • nimalsiri says:

      ne ne e mudal denne maath ekka reta budiyaganna ena kellanta vitharaiban vimal widhaanage.
      —-bengamuwe sri dhammadinna himi.

  2. Chinthana says:

    Saadu ….. Saadu … Saadu,,,,

Main News