‘ශ‍්‍රීයාලතා බැරිස්ටර් මං දන්නෙත් නෑ.. දැකලත් නෑ…’- වැඩේ ගැස්සුනු පසු ඇගේ නියෝජිතයා කියයි..

December 12, 2019 at 10:40 am | lanka C news
‘ශ‍්‍රීයාලතා බැරිස්ටර් මං දන්නෙත් නෑ.. දැකලත් නෑ…’- වැඩේ ගැස්සුනු පසු ඇගේ නියෝජිතයා කියයි..

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැරිස්ටර් තමන් පුද්ගලිකව හඳුනන්නේ නැති බව කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා පවසයි.

මීට පෙර ඇය මුණ ගැසී හෝ දැක හෝ නැති බවත් ඇය ගැන කිසිදු තොරතුරක් නොදන්නා බවත් ඔහු සඳහන් කළේය.

රහස් පොලිසිය ඉදිරියේදී තමන් ඇයගේ නියෝජිතයකු යයි කීමට තමාට සිදුවූයේ මාධ්‍ය ඉදිරියේ කලබල වූ නිසා බවද ඔහු පැවසුවේය.

කිසිවෙකුට ප්‍රශ්ණයක් වූ විට සමාජ ක්‍රියාකාරිකයකු ලෙස තමන් එහි පෙනී සිටින යන බවද ඔහු සඳහන් කළේය.

පසුගියදා අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඇයගේ නියෝජිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ දී මාධ්‍ය හමුවක් සඳහා මාධ්‍යවේදීන්ට ආරාධනා කළේ මංජුල පෙරේරා විසිනි.

185 views

16 Comments to “‘ශ‍්‍රීයාලතා බැරිස්ටර් මං දන්නෙත් නෑ.. දැකලත් නෑ…’- වැඩේ ගැස්සුනු පසු ඇගේ නියෝජිතයා කියයි..”

  1. CHANDA says:

    මේ සුවිස් කෙස් එකේ සිද්ධියේදී බොහෝ විද්‍යුත් මාධ්‍ය මෙන්ම පුවත් පත් පවා කොලේ වහලා කියන්නේ, මේවයේ යටින් ඉන්න මුලධර්මවාදී අන්තවාදී කිතුනු කල්ලි ගැන නොකියන්න පරිස්සම් වෙනවා …

  2. Upul says:

    If he is not lying here, then, he must be totally insane to do a thing like this.

Main News