ශ‍්‍රීලනිපට අදට 67යි.. සංවත්සරය නෑ.. ආගමික වැඩසටහන් පමණයි..

September 2, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපට අදට 67යි.. සංවත්සරය නෑ.. ආගමික වැඩසටහන් පමණයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 සංවත්සරය අද දිනට යෙදී ඇත.

ඒ හේතුකොට ගෙන අද දිනයේ ආගමික වැඩසටහනක් ස්ථාන කිහිපයකදීම සංවිධානය කර ඇතැයි පක්ෂ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

එහි ප්‍රධාන උත්සවය කැළණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත ය.

බම්බලපිටියේ කදිරේෂන් කෝවිලේදීත්, මාලිගාකන්ද පල්ලියේදීත්, දවටගහ පල්ලියේදීත් ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.

කෙසේ වෙතත් පක්ෂ සම්මේලනය ඉදිරියේ දී පවත්වන බවද මහ ලේකම්වරයා සඳහන් කරයි.

41 views
Main News