ශ‍්‍රීලනිපයට ආණ්ඩුවෙන් යනවානම් යන්නැයි කියයි..

July 11, 2021 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිපයට ආණ්ඩුවෙන් යනවානම් යන්නැයි කියයි..

අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්ව ගියද එයින් ආණ්ඩුවේ සංයුතියට සැලකිය යුතු බලපෑමක් සිදු නොවන බවද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය කිසිදිනක තම තම පාර්ශවයට නොලැබුණු බවත් පසුගිය ජනාධිපතිවරණයේ දී පමණක් එම සහාය ලැබුණ ද ඔවුන්ගේ සහය වැඩිපුර ලැබුනේ එක්සත් ජාතික පක්ෂයට බවද ඔහු පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් සහාය පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ගරු කරන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිය මහ මැතිවරණයේදී ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කළේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ නිසා බව ද පවසන අමාත්‍යවරයා එසේ නොකළේ නම් ආසන දෙක තුනක් වත් දිනා ගැනීමට නොහැකි වනු ඇතැයි කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමතිනම් ආණ්ඩුව සමග සිටිය හැකි බවත් නැතිනම් ඉවත් යා හැකි බවත් ඊට කිසිවකුගේ බාධාවක් නැති බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

31,528 views

8 Comments to “ශ‍්‍රීලනිපයට ආණ්ඩුවෙන් යනවානම් යන්නැයි කියයි..”

  1. ඕකුන් මලත් ආන්ඩුවෙන් යන්නේ නැහැ .

  2. බිංකුණ්ඩා says:

    මැස්සෙක් ගිය උඩ…

  3. බන්ඩා says:

    පොහොට්ටුවේ ජනප්‍රියතාවය ලබන වසරේ සමූපකාර චන්ද ආවම බලා ගත හැකිය්. 😰

  4. kkuruwita says:

    අපි කැමති හොර මැර නැති හොඳ අනාගතයක් ඇති කෙනෙක් හැටියට කට පරිස්සම් කර ගන්නවා නම් වඩා හොඳයි.

  5. NuwanJ says:

    පල නොකියා පලා බෙදන සේ ආණ්ඩ්වෙන් යන්නට කිව හැකිය.
    එහෙත් ශ්‍රී ලංකා නිදහස් පතෂය හෝ වෙනත් සුලු පක්ෂයක් වුවත් රජයෙන් ඉවත් වු විට එම රජයේ ශක්තිය බිද වැටිම ඉන් ගම්ය වනවා.
    එක මිනිස් සිත්තුුලත් ඉන් මාධ්‍ය වලත් ජාත්‍යන්තරවත් රයේ බිද වැටිම සනිටුවන් විම වැලකිය නොහැක.

    එම නිසා මේ, කට මැත දොඩවනවාට වඩා සියලු දෙනාම සමව පිලිගනිිිිමින් ඉදිරියට යාම වඩා
    යහපත්ය
    එසේ කිරිමෙන් මේ රජය බලයට ගෙනා ජනතා පරමාර්ථය ඉට කිරිමට කාලය ගැනිමට රජයට ඉඩ ලැබෙනු ඇත.
    නැතහොත් වන්නෙ ගියවර මහිද රජය⁣ට වු දෙයමය

    එනම් ජනතාව අතට දුන් දෙය කන්නට පිනක් නැති සැටිය දෙවන වරටත් පසක් කර පෙන්වනු අපට
    දැකිය හැකි වනු ඇත.

  6. 3% ට බය බයියා. says:

    පුලුවන් නම් එලවපන්කෝ.

  7. Citizens of Lanka says:

    Who is this man Amunugama of Kandyan idiot ? Summ-poddiyan !@ Not political experience in past, like other SLPP’s .Become Ministers by supporting one family of Rajapaksa’s .Political clowns.

  8. මරතේනිස් අයියා says:

    කොන්ද පන තියෙනවනම් ශ්‍රීලනිප මේ මොහොතේ ආණ්ඩුවෙන් වහාම ඉවත්වී විපක්ෂයේ වෙනම කණ්ඩායමක් වියයුතුයි.2/3 අහෝසි කළ යුතුයි.හොඳ දේට පමණක් අත් එසවියයුතුයි ශ්‍රීලනිපයට වීරයන් වියහැක්කේ එවිට පමණි

Main News