ශ‍්‍රීලනිපයට එරෙහිව එජාප ඇමතිවරුන් කැබිනට් වර්ජනයක…

April 7, 2018 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිපයට එරෙහිව එජාප ඇමතිවරුන් කැබිනට් වර්ජනයක…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡන්දය දුන් ශ්‍රී ලංකි නිදහස් පක්‍ෂ ඇමැතින්ට විරුද්දව එක්සත් ජාතික පක්‍ෂය විසින් ප‍්‍රතිචාර දැක්වීමත් සමග කැබිනට් මණ්ඩලය තුළ අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.

එජාප ඇමතිවරුන් විසින් දන්වා ඇත්තේ අගමැතිට විරුද්දව ඡන්දය දුන් ඇමතිවරුන් සමඟ කැබිනට් මණ්ඩලයේ කටයුතු කරන්නට සූදානම් නැති බවයි.

අගමැතිට විරුද්දව ඡුන්දය දුන් ඇමතිවරුන් ඉදිරි කැබිනට් රැස්වීම් සදහා සහභාගි වන්නේ නම් කැබිනට්ටුව වර්ජනය කරමින් පිටත්ව යන්නේ යයි එජාපෙ ඇමතිවරුන් ගණනාවක් දැනටමත් අගමැතිවරයාට දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් ඉක්මන් සාකච්චාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් විශ්වාස භංග ඡුන්ද විමසීමට නොපැමිනි ශ්‍රීලනිප මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් එජාපයේ කිසිදු විරෝධයක් නොමැති බවද වාර්තා වේ.

3 views

4 Comments to “ශ‍්‍රීලනිපයට එරෙහිව එජාප ඇමතිවරුන් කැබිනට් වර්ජනයක…”

  1. Niru says:

    Very interesting. Now nobody is interested in the country. Only about the thief. UNP fellows must have got the taste of stolen money.

  2. Kuveni says:

    What happened to the bank robbery?

    When will Arjun be arrested?

    This is Alice’s wonderland where the robbers are expected to lead the country to a corruption free society!

  3. රාහුල මල්ලී says:

    චන්ද විමසීමට නොපැමිණි අය කලේ වක්‍රාකාරයෙන් අගමැතිට සහයෝගය දුන්න බව එඡාපය දන්න හින්දා ඒගොල්ලන්ට විරෝධයක් නෑලු…. ඒකට තමයි කියන්නේ ඩීල් එක කියලා.. එඡාපයට ඒ අය වටිනවා වගේම… ඡනතාවටත් වටින්නේ අන්න ඒ අය.. ඊගාව චන්දෙදි සලකන්න…

  4. නිළමේ says:

    මාධ්‍ය හරහා ගොඩ වැඩිකරගන්නා හැටි රටට පෙන්නනකොටම මමත් දැනලෙන හිටියා විශ්වාසභංගය කෙලවාගන්නවා.මුං කොච්චර තෙපරබෑවත් තවම පරන ගොංකං අතෑරලා නෑ. දුකයි!

Main News