ශ්‍රීලනිපයට තනිවම ආණ්ඩු කරගන්නැයි කියා එජාපය ආණ්ඩුවෙන් යන බව ජනපතිට දන්වයි..
August 12, 2017 at 11:20 am | lanka C news
හවුල් ආණ්ඩුවේ තව දුරටත් ඉන්නේද ඉවත් වන්නේය යන්න පිලිබදව තීරණයක් ගැනීමට සිදුවන්නේ යයි එජාප ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ යහපාලනට පෙරමුණ ගත් එජාපය ඉලක්ක කරමින් කුමන්ත්‍රණයක් දියත් වන බැවින් මෙවැනි තීන්දුවක් ගැනීමට සිදුවන බවයි.
මේ අතර රවි කරුණානායක මහතා සම්බන්දයෙන් ඇති වූ සිදුවීමෙන් පසු එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තනි ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි අගමැතිවරයාට දන්වා ඇතැයිද වාර්තා වෙයි.