ශ‍්‍රීලනිපයට දෙන තනතුරු සියල්ල දී අවසන්.. මෛත‍්‍රීට තනතුරක් දෙන්න පොරොන්දුවක් නෑ..- ආණ්ඩුව කියයි..

August 25, 2020 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිපයට දෙන තනතුරු සියල්ල දී අවසන්.. මෛත‍්‍රීට තනතුරක් දෙන්න පොරොන්දුවක් නෑ..- ආණ්ඩුව කියයි..

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට තනතුරක් ලබාදෙන බව කිසිවෙකු පවසා නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදෙන තනතුරු මෙ වනවිට ලබා දී අවසන් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වත්තල ප්‍රදේශයේ පැවැති ඊයේ (24) රැස්වීමකින් පසු මාධ්‍යවේදීන් මතු කල ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමතිවරයා මෙහිදී අවධාරණය කලේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රට ගැන සිතා ගෙන ආ සංශෝධනයක් නොවන බවයි. එක රටක් එක නීතියක් යන සංකල්පය මත රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සැකසීම නව රජයේ අරමුණ බවද ඇමතිවරයා කීවේය.

මෙහීදී මාධ්‍යවේදීන් ඇමතිවරයාට යොමුකළ ප්‍රශ්න හා පිළිතුරු මෙසෙයි.

ප්‍රශ්නය –  ඔබතුමාට දීලා තියෙන අමාත්‍යාංශයේ කිසිම වැඩක් කරන්න බැහැ කියලා ඔබතුමා නොසතුටින් කියන්නේ ඇත්තද ?

පිළිතුර –   එක පට්ටපල් බොරුවක්. මට දීල තියෙන අමාත්‍යාංශය මේ රටට ලොකු වැඩක් කරන්න පුළුවන් අමාත්‍යාංශයක්. මගේ අමාත්‍යංශය යටතට ගුවන්සේවා සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන වගේ විෂයනුත් එකතුවෙලා තියෙනවා. දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය නංවාලීම තමයි මෙහි මූලික ඉලක්කය.මම ඉතා සතුටින් මට දීපු වගකීම ඉටුකරමින් තිබෙනවා.

ප්‍රශ්නය – ඇමතිකම් ලබා දෙද්දී වෙනම විධියකටනේ දීලා තියෙන්නේ. සමහර ඇමතිකම් කියවගන්නත් අමාරුයි.

පිළිතුර –   ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල අනුව තමයි මේ අමාත්‍යාංශ වලට විෂය පතයක් වෙන් කරලා තියෙන්නේ. පිටරට හෙම්බිරිස්සාවක් හැදුනොත් අපිට උණ සන්නිපාතය හැදෙන තත්වයක් තමයි මේ රටේ තිබුණේ. ඒක තමයි ආර්ථිකයේ ඇත්ත තත්වය. අද ඒ තත්වය වෙනස් කරලා රටේ දේශීය නිෂ්පාදනයට මුල් තැන දෙන ආර්ථික ක්‍රමයක් රට තුළ ගොඩනැගෙමින් යනවා. මේක අද හෙට දවසින් දෙකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. අපි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කෙටි කාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන සැලසුම් සකස් කරලා තිබෙනවා. පහුගිය මැතිවරණයේදී ජනාධිපතිතුමා දිස්ත්‍රික්කය පුරා ගියා. එතනදී කජු ව්‍යාපාරය, මැටි කර්මාන්තය නංවන්න කියන එක තමයි ජනතාවගේ ඉල්ලීම වුණේ. සමහරු මේවා විහිළුවට දකිනවා. පිටරටවල් වලට කොන්ද නමාගෙන ඉන්න පිටරට වලින් යැපෙන උදවිය මේ වැඩපිළිවෙල විහිළුවට ලක් කලත් රටේ දේශිය නිෂ්පාදනයට උනන්දු අයට මේක සුවිශේෂයි.

ප්‍රශ්නය –  ආණ්ඩුව 19 සංශෝධනය අහෝසි කරන්න හදන්නේ ඇයි?

පිළිතුර –  මේ රටේ සියලු ජන කොටස්වලට සංහිදියාවෙන් ජීවත් විය හැකි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ. පහුගිය යහපාලන ආණ්ඩුව හැදුවේ අන්තවාදී දැඩි දේශපාලන පක්ෂ වල වුවමනාවට අනුව සැකසුනු ව්‍යවස්ථා කෙටුම්පතක්. අපි ඒකට විරුද්ධ වුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ රට ගැන හිතලා ගෙනාපු සංශෝධනයක් නෙමේ. ඒ නිසා එය වෙනස් කරලා එක රටක් එක නීතියක් යන සංකල්පය මත රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදන එක තමයි අපේ අරමුණ. 19 අනිවාර්යෙන්ම අහෝසි කරනවා. රටට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒක අපි ජනතාවට දුන් පෙරොන්දුවක්. ඒක අපි කරනවා.

ප්‍රශ්නය – විපක්ෂයේ සහය ලැබෙයිද ?

පිළිතුර – විපක්ෂය කැමති වෙන්නේ නෑ. විපක්ෂය බහුතර අන්තවාදී වුණු පක්ෂ නියෝජිතයන්. ඒ නිසා ඔවුන් කිසිසේත් 19 අහෝසි කරනවාට කැමැති වෙන්නේ නෑ. විපක්ෂය මේකට විරුද්ධ වුනොත් ඊළඟ මැතිවරණයේදී මේ පාර ඉගෙනගන්න පාඩමට වඩා ලොකු පාඩමක් ජනතාව උගන්නාවී.

ප්‍රශ්නය – විපක්ෂය කියන්නේ 19 අහෝසියත් එක්ක රටේ ඒකාධිපති පාලනයකට නතුවෙන බවයි.

පිළිතුර – විපක්ෂය හැමදාම කළේ ඒකාධිපති බිල්ලෙක් මවන එකනේ. මේ විධිහට රටට වැඩක් කරන්න බෑ. අවුරුදු 4 1/2 යහපාලන මොනවද කළේ. රටට වැඩක් කළාද? යහපාලන ආණ්ඩුව යටතේ රට එකතැන පල් වුණා. රටක වැඩක් කරගන්න දේශපාලන ස්ථාවරයක් තියෙන්න ඕනේ. එතකොට තමයි රටට ආයෝජකයෝ එන්නේ. ඔය ඒකාධිපති කතාව 2015දීත් කිව්වා කියලා පත් කරගත්ත යහපාලන ආණ්ඩුවෙන් වැඩක් වුනාද? වැඩක් වුණේ මහින්ද මහත්තයාගේ කාලයේ. දැන් රටට වැඩක් වෙන්නේ මේ කාලේ.

ප්‍රශ්නය – විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර – විග්නේෂ්වරන්ලා පාර්ලිමේන්තු  එන්නෙම ජාතිවාද අවුස්සගෙන. ඒ අය තාමත් කරන්නේ ජාතිවාදය අවුස්සන එක. පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී නවක මන්ත්‍රිවරයෙකුගේ කතාවට බාධා නොකිරීම සම්ප්‍රදායක්. නමුත් අපි නිල වශයෙන් ඊළග පාර්ලිමේන්තු රැස්වීමේදී විග්නේෂ්වරන්ගේ කතාවට විරෝධය පළ කරනවා. පරාජය කළ යුත්තේ විග්නේෂ්වරන්ගේ මතයයි. ඒකට අපි ලෑස්තියි.

ප්‍රශ්නය – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දෙන්න යන තනතුර මොකක්ද?

පිළිතුර – කවුද කිව්වේ තනතුරක් දෙනවා කියලා

ප්‍රශ්නය – ඇයි 19 වෙනස් කරන්න හදන්නේ ඒකට කියලා කියන්නේ.

පිළිතුර – කවුද කියන්නේ මෛත්‍රීට තනතුරක් දෙන බවක් කවුරුත් කියලත් නෑ.එහෙම දෙන්න ලෑස්තියකුත් නෑ.පක්ෂ වලට දෙන්න ඕන තනතුරු ටික දුන්නා.ඒවා දැන් දීලා ඉවරයි.මහින්ද මහත්තයා සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් විධිහට පහුගිය කාලේ හිටියේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම් කරපු අයට තනතුරු දීලා ඉවරයි.ඒ නිසා ඒක ගැටළුවක් නෙමෙයි.

– ප්‍රදීප් අනුර කුමාර

49,341 views

16 Comments to “ශ‍්‍රීලනිපයට දෙන තනතුරු සියල්ල දී අවසන්.. මෛත‍්‍රීට තනතුරක් දෙන්න පොරොන්දුවක් නෑ..- ආණ්ඩුව කියයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    bala peraliyak atha laga , next president

    • 2015 මීහරකා says:

      Nice dream, but time to get up.
      🐮

      • Saman says:

        ඊලග මැතිවරනයේදි සජිත් මෛත්‍රී සන්දානයක්.

        • 😪😪😪 says:

          පැල්පතේ ඉඳලම දුක් කරදර ගෙවන දාට
          හිතලා දුන්න කතිරය දියවන්නා මැති දාට
          අමතක වෙලා අපෙ පැල්පත් දුක සැම දාට
          ඒ අයගෙ සැප පමනකි හිතන්නේ පඩි දාට

    • 77 UNP says:

      මොන බලපෙරලිද, පොහොට්ටුවට සෘජු 113 වැඩියෙන් තියන නිසා SLFP කිසි කෙනෙක් යන්නේ නැහැ. එහෙම යන්න හිතුවත් වැඩිම වුනොත් 3 දෙනෙකුට වැඩියේ ආණ්ඩුවෙන් ගලවන්න බැහැ. ඕක සිරිසේන නොදන්නවා නෙමෙයි. යම් විධියකින් 19 ඉවත්කරන්න චන්දෙ නොදුන්නොත් බලන්න පුළුවන් වෙනදේ. කාටත් වඩා හොඳින් සිරිසේන දන්නවා ජනාධිපති සහ අගමැති එක මතයක ඉන්නකොට තියන බලය හා ශක්තිය. ඒක 2015 ජනාධිපති බලතල තනි පුද්ගලයකු අතේ තියනවට වඩා බලවත් සහ ශක්තිමත්.

  2. Jointy says:

    Niyamai <3

  3. RW says:

    That’s the end of 20th amendment

  4. amia says:

    paw ahinsakaya
    gawa paalana amathi kamak denna barida ?

  5. Pambsena says:

    Sudusuma thanathura thamai kumburuwalata ena kurullo baykaranna kumbura meda sitawa thabeema!

  6. peacock says:

    මයිත්රීට තනතුරක් නොදුන්නොත් න්‍යෂ්ඨික ප්‍රහාරයකට උනත් ලෑස්ති වෙලා ඉන්න. එදා රෑ සටනට ඇවිත් කිව්වෙ පුටින් කරපු ව්‍යවස්ථා සංශෝධනයට කැමති නෑ නමුත් පුටින් එතුමගෙ හොද මිත්‍රයෙක් කියල අද උනත් කෝල් එකක් දුන්නොත් එතුම පෞද්ගලිකව කථා කරනව ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ කියල හිටං. බොරු නම් බලන්න
    https://youtu.be/zuilF0kzXsg?t=2060

  7. baiya says:

    maithreeta thanathurak nodunnoth anduwa waha kaawa kiyala hitha ganna.

  8. sunimal says:

    තනතුරු නැතුවත් රටට සේවය ක‍රන්න පුලුවන් පළමුවෙන් මෙය රටට පෙන්වන්න

  9. Ayatollah says:

    This is the worst and most corrupted Sri Lankan who were fortunate to be our President. Known As Hitan with no English knowledge and what he did was to amass wealth and travel around the world. He hated the Rajapaksha name and victimized all the rajapakshas served under him in Ministry of Agriculture

  10. PULATHISI says:

    20 ඉදිරිපත් කරන්නේ ජාතික පරිපාලනය සහ සංවර්ධනයට අදාල ව්‍යවස්ථා සංශෝධනයක් ලෙසය. එය කෙසේ වෙතත් දේශපාලන පාරාජිකාවෙන් පාරාජික වු හෝ පරාජිත පුද්ගලයන්ට සහ තනතුරු අහිමිවූවන් සතුටු කිරීමට තනතුරු මැවීමට නොවේ.
    යම් පුද්ගලයෙක් අවංකවම රටට සේවය කරන්නට අපේක්‍ෂා කරන්නේ නම් ඒ සඳහා ඔහුට විශේෂ තනතුරු අවශ්‍ය නොවේ. යමෙකු තනතුරු සඳහා දිගින් දිගමට ආයාචනය කරන්නේ නම් එහි සැඟවුනු අර්ථය කුමක් දැයි මැනවින් විමර්ශනය කිරීම අත්‍යාවශ්‍ය බව සඳහන් කළයුතුය.