ශ‍්‍රීලනිපයට නාම යෝජනාවලින් 30%ක් දෙන්න බෑ..- පොහොට්ටුවෙන් කියයි..

March 11, 2020 at 1:20 pm | lanka C news
ශ‍්‍රීලනිපයට නාම යෝජනාවලින් 30%ක් දෙන්න බෑ..- පොහොට්ටුවෙන් කියයි..

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලයිස්තුවෙන් 30% ක ප්‍රමාණයක් ලබා දිය නොහැකි බව එම පෙරමුණේ දිස්ත‍්‍රික් නායකයන් ගණනාවක්ම දන්වා ඇති බව වාර්තා වෙයි.

එම තත්වය නිසා උතුර හා නැගෙනහිර පලාත්වල 40%ක් හෝ ඊටද වැඩි කෝටාවක් ශ‍්‍රිලනිපයට ලබා දීම සදහා යෝජනා වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අවසන් නාමයෝජනා පත්‍ර සැකසීම සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුවෙයි.

එම පෙරමුණ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම එන සතියේ මුල් දින වලදී සිදු කිරීමට නියමිතය.

39,173 Viewers

4 Comments to “ශ‍්‍රීලනිපයට නාම යෝජනාවලින් 30%ක් දෙන්න බෑ..- පොහොට්ටුවෙන් කියයි..”

  1. Vimarsha says:

    30% ක එකඟතාවක් ඇතිව ගිවිසුමක් ඇත්නම් ගිවිසුම අනුව කටයුතු කළයුතුයි. පොරොන්දු ඉටු කලයුතුය. එහි යම් ගැටළු ඇත්නම් සාකච්චා කර එකඟතාවයකට පැමිණිය යුතුය. එසේත් නොහැකිනම් ඉතා විශේෂ වූ අනර්ථකාරී බවට හේතු යුක්ති දක්වා ගිවිසුමෙන් ඉවත් වන බව ප්‍රකාශ කර ඉවත් විය යුතුයි.

    එසේ නොමැතිව බලය අයුතු ලෙස යොදමින් ගිවිසුම් කැඩීම සදාචාර යුක්ති සම්පන්න නොවේ. එසේ කරන්නා වංචනිකයෙකි. ඔහුට හෝ ඇයට හෝ ජනතාව හමුවේ දෙන පොරොන්දු ගිවිසුම් කැඩීම කජ්ජකි.

    2/3 බලයක් ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එබැවින් පටු වාද බේද අමතක කර සියලු ජාතිකවාදීන් හා ජාතිකවාදී හිතවතුන් එකතු වී රටේ අනාගතය ගැන තීන්දු තීරණ ගත යුතුයි.

  2. Sira says:

    M3 ekka inna aya giyapara ekko mahinda mahaththayawa dala m3 ekka chande illapu aya, anith tika mahinda ge udawuwen dinala passe m3 lagata giya aya. Mun chande dinaganna lanwela ayeth gihin heththu wei sjithta hari ranilta hari.
    Wiyawasthawa wrnas karanna one chanden labena seat eka pakshetai aitho kiyala. Yanawanam seat eka dala yanna one, pakshe ilaga list candidate ethanata enna.

    Manusha thamai hodama udaharane. Mahinda ekka inna nisa dunna anthimata u m3 ekka.

    Ganna epa kawawath. Pohottuwa ta one tharam thaniyen dinann පුළුවන්

  3. Chinthana says:

    It is better to have one party candidates to one Nomination Sheet. Why Sri Lankan people do not have ability to think better way of selection from one party. Mixing up is undeveloped practice which we realized from the past performances.

Main News