ශ‍්‍රීලනිපයට පයින් ගසා 16 කණ්ඩාමේ සිවු දෙනෙක් පොහොට්ටු පක්‍ෂයේ සාමාජිකත්වය ගන්න සූදානම්.. මහින්දටත් දන්වයි..

May 19, 2018 at 10:46 pm | lanka C news
ශ‍්‍රීලනිපයට පයින් ගසා 16 කණ්ඩාමේ සිවු දෙනෙක් පොහොට්ටු පක්‍ෂයේ සාමාජිකත්වය ගන්න සූදානම්.. මහින්දටත් දන්වයි..

ආණ්ඩුවේ දරණ ඇමති ධුරවලින් ඉවත් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයන් සිවු දෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානම් වන්නේ යයි වාර්තා වෙයි.

වයඹ පළාතෙක්, බස්නාහිර පළාතෙන්, සබරගමුවෙන්, හා දකුණු පලාත නියෝජනය කරන මෙම සිවු දෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද මේ බව දැනටමත් දන්වා ඇති බවද සදහන්ය.

ජනාධිපතිවරයා විසින් වත්වන් ආණ්ඩුව අවසන් කර ශ‍්‍රීලනිපය මූලික කරගත් ආණ්ඩුවක් පිහිටුවීම සදහා කටයුතු කරතොත් ඒ සදහා අවසන් අවස්ථාවද දීමට තමන් සූදානම් යයිද මෙම සිවු දෙනා සදහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම පිරිස ශ‍්‍රී ලංකා පොදුජනෙ පෙරමුණේ පක්‍ෂ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්දනේ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ඇතැම් මන්ත‍්‍රීන් අතර යම් නොසන්සුන්තායවක් ඇතිව තිබෙනන බවද සදහන්ය.

ඊට හේතුව වී ඇත්තේ පක්‍ෂ සාමාජිකත්වය මෙතෙක් ලබා නොගත්තද පොහොට්ටුව පක්‍ෂය පිහිටුවීම සදහා බිම් මට්ටමේ බොහෝ වෙහෙස මහන්සි වූ තමන්ටද කලින් වෙනත් පිරිසක් එහි සාමාජිකත්වය ගැනීමත් සමග ඔවුන් ජ්‍යෙෂ්ඨයින් වීමයි.

10 views

2 Comments to “ශ‍්‍රීලනිපයට පයින් ගසා 16 කණ්ඩාමේ සිවු දෙනෙක් පොහොට්ටු පක්‍ෂයේ සාමාජිකත්වය ගන්න සූදානම්.. මහින්දටත් දන්වයි..”

  1. NAK says:

    There is no need of SLFP government SLPP is quite capable of that.

  2. kate says:

    Mewa Ahala Athiwela.

Main News