ශ‍්‍රීලනිපයෙන් අලුත් සන්ධානයක්.. ජනාධිපති අපේක්‍ෂක විජේදාස.. වෙල්ගම කැපේ..

September 15, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපයෙන් අලුත් සන්ධානයක්.. ජනාධිපති අපේක්‍ෂක විජේදාස.. වෙල්ගම කැපේ..

ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීන් කිහිපදෙනෙක් හා තවත් පොදු සංවිධාන කිහිපයක එකතුවෙන් හිටපු ජනාධිපතිනියගේද අනුග්‍රහයෙන් ගොඩනගන්නට යන නව දේශපාලන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සන්ධානය සඳහා ජනාධිපතිවරයා ඍජුව සහය පළකරන බවක් වාර්තා වී නැත.

එහෙත් මේ ගැන පැවති සාකච්ඡා ගණනාවකට දහම් සිරිසේන මහතා සහ විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ යන මහත්වරු සහභාගී වී ඇතැයි ශ්‍රීලනිපයේ නම් සඳහන් කිරීමට අකමැති වූ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.

කලින් මෙබඳු සන්ධානයකින් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා ඉදිරිපත් කළ යුතු යැයි මතයක් පළවුවත් ඒ සඳහා බහුතර සාමාජිකයන් එකඟනොවීම නිසා විජේදාස රාජපක්ෂ මහතාගේ නම ඊට යෝජනා වී ඇතැයි පැවසේ.

– deshaya

136 views

32 Comments to “ශ‍්‍රීලනිපයෙන් අලුත් සන්ධානයක්.. ජනාධිපති අපේක්‍ෂක විජේදාස.. වෙල්ගම කැපේ..”

  1. CPS says:

    විජේදාස කියන්නේ රටට , ජාතියට , ආගමට ආදරය කරන උගත් බුද්ධිමත් මහත්මයෙක්

    • Modapala says:

      කරුගෙ අය්යා.චාන්ස් එකක් එනකල් හොර ගල් අහුලනවා.

      • බන්ඩා says:

        දිස්ත්‍රික්කයෙන් එකට එන්න බැරි මිනිහට ජනාධිපති වෙන්න පූපන්ද

    • parakum says:

      SLFP has become AMBALAMA . my3 , dayasiri ,cbk are cheating true SLFP voters for their survival .

  2. Gayantha says:

    එහෙට මෙහෙට පැන පැන හිටපු ප්‍රතිපත්තියක් නැති එකෙක්ට චන්ද දෙන්න තරම් මෝඩයෝ රටේ නෑ.. අනික ඉතින් මෙයා දෙන නීති උපදෙස් තරම් මෝඩ නීති උපදෙස් ලොවෙත් නෑ. දැන් මිනිහා නඩුවක් කතා කරත් පරාදයි..

    • sathya says:

      Wijeydasa is not a person with good qualities. He doesnt have any policies. He crossed over UNP to SLFP and again Vise versa

      • Ex JVP says:

        yah, you guys do not like him, not because qualities, policies or crossing but because he always stands up for Sinhala Buddhist interests, regardless the party he is with.

        Have a back bone to say that.

        • Janaka from Matara says:

          Ex JVP: You talk as if this guy never crossed sides and always stood on consistent policies – including race relations. Backbones dont do much thinking – you will need a brain to do that. ( just in case nobody told you that.)

          • Bald Citizen says:

            Janaka, you’re correct, but don’t expect any JVPier, either present or ex to have any brain.
            Otherwise, they won’t join in the first place, such a anti-national and anti-social party like present JVP.

    • හෙලයා says:

      යූඑන්පී විජේදාස දමල 2%ක් වත් ශ්‍රිලනිප ට ගන්න බැහැ.

  3. පොරමෝලා says:

    ඕක කෙරෙන මගුලක් නෙවෙයි

    • Rata Wenuwen says:

      මෙයාටත් “ඇඩ්ඩ්‍රස් නැහැ ” එපමනයි කියන්නට තිබෙන්නෙ

  4. gamarala says:

    මෙයා තමයි ශ්‍රී ලංකාව බෞද්ද රටක් නොවේ කියලා කිවේ කලු සුද්දා

  5. john says:

    He has no vote base. Its again 2015 style for SLFP. Without a UNPer they cant face an election. But it will be good for gota because whoever remaining with Sirisena will also vote Gota.

  6. Sama says:

    Cheep, selfish bastards!! This type of Hopper acts are in their blood. Now it’s for the third time they have done the same thing. Pohottuwa should bring this up properly on stage. This will only help UNP so it’s not that they don’t know it, all of Sirisena‘s stage stories and actions are bloody fake. They actually don’t care about the country

  7. RAYMOND says:

    චන්ද්‍රිකා එතන ගෑවිලා ද?
    එහෙම නම් ඒක ලංකාව න් 99.999% ඡංද පතිශතකයෙන් අනිවාර්යෙන්ම දිනනවා
    පවු ගෝඨාභය රාජපක්ෂ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා ඇපත් නෑ ඊලග රජය තුල ලංකාවේ ආර්ථික වේගය 40%
    චන්ද්‍රිකා ඉන්න වානේ

  8. විජේදාස දැම්මොත් හොදයි. රනිල් සජිත් දෙන්නම එපා වෙච්ච් යූඇන්පී චන්ද ටිකක් කඩා ගන්න පුලුවන්.

  9. Ratnamalala says:

    අර යුද්දේ තුනෙන් දෙකක් ඉවර කරපු කෙනා ඉන්න මොන මගුලවත් හරියන්නේ නැහැ.

  10. sirisena says:

    he is a terrible guy who has no policy and integrity. he is a person who misuse knowledge. no body will vote for him.

Main News