ශ‍්‍රීලනිපයේ තවත් 12ක් තනතුරු අතහැර විපක්‍ෂයට.. ඒ අනුව සන්ධානයේ 82ක් විපක්‍ෂයේ.. අරුම පුදුම ජාතික ආණ්ඩුවේ සන්ධාන මන්ත‍්‍රීන් 14ක් පමණයි..

May 11, 2018 at 10:36 pm | lanka C news
ශ‍්‍රීලනිපයේ තවත් 12ක් තනතුරු අතහැර විපක්‍ෂයට.. ඒ අනුව සන්ධානයේ 82ක් විපක්‍ෂයේ.. අරුම පුදුම ජාතික ආණ්ඩුවේ සන්ධාන මන්ත‍්‍රීන් 14ක් පමණයි..

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු 12 දෙනෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වී දෙනකුගෙන් පමණ පිරිසක් තම කණ්ඩායම එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මේ වන විටත් එම පිරිස් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සුදුසු අවස්ථාවක දී ඔවුන් තම කණ්ඩායම සමඟ එක් වනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළකරන ලද්දේ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් හමුවීමට ගිය අවස්ථාවේදීය.

මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගෙන් දස දෙනෙකු පමණ එක්විය.

මන්ත්‍රීවරයා කියන ආකාරයට තවත් දොළොස් දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්වරුන් 96 දෙනාගෙන් 82 දෙනකු විපක්ෂය නියෝජනය කරනු ඇත.

ඒ අනුව ජාතික ආණ්ඩුව තව දුරටත් නියෝදුරටත් නියෝජනය කරනු ඇත්තේ සන්ධාන මන්ත්‍රීන් දාහතර දෙනෙකු පමණි

88 views

6 Comments to “ශ‍්‍රීලනිපයේ තවත් 12ක් තනතුරු අතහැර විපක්‍ෂයට.. ඒ අනුව සන්ධානයේ 82ක් විපක්‍ෂයේ.. අරුම පුදුම ජාතික ආණ්ඩුවේ සන්ධාන මන්ත‍්‍රීන් 14ක් පමණයි..”

  1. සීගිරි says:

    පාර්ලිමේන්තුව බේරේ වැවටත් වඩා ගඳයි ……අපට දැන් ඕනේ ඔය පාර්ලිමේන්තුවට අඩිය ගහපු එකෙක් වත් නැති ජනතා ආණ්ඩුවක් !!!!!!!!!!

    • නයා says:

      ඔව් අළුත්ම අළුත් පිරිසක් සමග රටට අළුත් ගමනක්

  2. Karu says:

    මෙය ඊළඟ චන්දයට රඟන නාටකයකි.තේමා ගීතය ‘අපි නැතුව බෑ’ යන්නය.ඉලක්කය පොහොට්ටුවේ චංද පදනමය.වෙස්ගැන්වීම හා කලාගාරය ඩාර්ලි පාරය.සටන් කලාව චංදයට ‘අලිබබා රෙජිමය’ ට ඇටෑක් කර පසුව සම්මුති වාදී වීමය.
    ප්‍රධාන නලුවා සමුර්ධි මහල් අයිති කාරයාය.සහාය නළුවෝ දාසයේ කල්ලියය.විකට නළුවා ඩිලාන් ය.රහස් රඟපෑම් ‘කේලාම්ලා’ දෙදෙනෙකි.ප්‍රධාන හතුරා මහින්ද/ගෝටා කියලා ඒකාබද්ධයකි. පිටපත, අධ්‍යකෂණය හා ගරු රඟපෑම් මයිත්‍රී කියලා කෙනෙක්ගේය.ඒ ජනාධිපති කියලා පත්තර කිව්වත් එයා පිළිගන්නේ නැත.

  3. Buddhist says:

    Okkoma horu eke thanata godawunoth hondai. Ethakota anith chandaye minissunta therei kawda horu kyala. Mun okkoma eke karaththe bandinna oni.

  4. ලපයා says:

    අවුරුදු 3 කට කන්න ගිහින් මුන් ටිකකට උනේ අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති උන එක විතරයි. මුන්ව පොහොට්ටුව ගන්නෙත් නැහැ. දන්නවා ගත්තොත් ලැබෙන චන්ද් ටිකත් නොලැබෙන බව. හුඅම්පි කාරයෝ ගන්නෙත් නැහැ උනුත් දන්නවා ඒ දේම උන්ටත් වෙන බව. කුම්බලා මලු කෑව බල්ලලු වගේ දැන් විදවනවා. අනිච්චා වත සංකාරා කියල මහජන අපේ බදු මුදල් වලින් හදා ගත්ත මාලිගාවල් වලට වෙලා පනුවෝ ගහන කල් විදවපියව් කාලකන්නි.

  5. තනතුරු බදාගෙන - රෙදි ගැලවෙන්න කලින් අඩව්වක් ද? says:

    තනතුරු බදාගෙන – රෙදි ගැලවෙන්න කලින් අඩව්වක් ද? පනින්න අල්ලනේ. අත්තෙන් අත්තට පන්න කුරුල්ලා තෙමි නසිලු. ඒ එදා අද පැත්තෙන් පැත්තට පන්න කුරුල්ලාගේ මල්ල කරේ? නැත්නම් පැත්තෙන් පැත්තට නොපැන්න කුරුල්ලාගේ වල්ල තලේ. ලු.

Main News