ශ‍්‍රීලනිපයේ නිදහස් සේවක සංගමය ආණ්ඩුවේ නියමය නොතකයි.. කම්කරු දිනය මැයි 01 දාම සමරයි..

April 26, 2018 at 8:02 am | lanka C news
ශ‍්‍රීලනිපයේ නිදහස් සේවක සංගමය ආණ්ඩුවේ නියමය නොතකයි.. කම්කරු දිනය මැයි 01 දාම සමරයි..

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලෝක කම්කරු දින සැමරුම් රැලිය මැයි 01 දා සවස 2.30 ට කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට එම සංගමය කටයුතු සංවිධානය කර තිබේ.

ලෝක කම්කරු දිනය වෙනත් දිනයක සැමරිය නොහැකි බවත් කම්කරුවාගේ හඩ මැයි 01 දා තරම් වෙනත් දිනක ඇගට නොදැනෙන බවත් සංගමයේ ප්‍රධාන ලේකම්, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා ප්‍රකාශ අද (25) සවස ප්‍රකාශ කළේය.

මෙවර නිදහස් සේවක සංගමය මැයි දින පෙලපාලියක් නොපවත්වන බවත් මෙම මැයි රැලිය සදහා සිය සංගමයේ සාමාජිකයින් වන වැඩ කරන ජනතාව පන්දහසකට (5000) අධික පිරිසක් සහභාගි වන බවත් ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා වැඩි දුරටත් සදහන් සදහන් කළේය.

නිදහස් සේවක සංගමය ස්වාධීනව කටයුතු කිරීමටත් මෙවර ලෝක කම්කරු දින  සැමරුම සදහා වෙනත් වසර වල මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සහභාගී නොවී ඒ වෙනුවට වෙනමම කම්කරු දින සැමරුමක් කොළඹදී පැවැත්වීමටත් සංගමයේ විධායක සභාවේදී හා නියෝජිත සම්මේලනයේදී ගන්නා ලද තීරණයන් සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මැයි 01 දින පවත්වන ලෝක කම්කරු දින සැමරුම නිදහස් සේවක සංගමය ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණයේ එක් අවස්ථාවක් බවද ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා අවධාරණය කළේය. කෙසේ වෙතත් මැයි 07 දින පවත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුමට නිදහස් සේවක සංගමයේ සාමාජිකයින්ටද සහභාගි විය හැකි බව ප්‍රකාශ කල ලෙස්ලි ද්වේස්ද්‍ර මහතා ඒ සදහා නිදහස් සේවක සංගමය නිල වශයෙන් සහභාගි නොවන බවද ප්‍රකාශ කළේය.

ලෝක කම්කරු දින  සැමරුම වෙනමම කොළඹදී පැවැත්වීමට 2018 මාර්තු 28 දින පැවති සංගමයේ විධායක සභාවේදීත් නිදහස් සේවක සංගමය ස්වාධීනව කටයුතු කිරීමට 2018 අප්‍රේල් 11 දින පැවති සංගමයේ නියෝජිත සම්මේලනයේදීත් තීරණය කර තිබුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය, යහපාලන ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෝජනා කිරීමටද මාර්තු 28 දා රැස් වූ නිදහස් සේවක සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබුණි.

විධායක සභාව සහ නියෝජිත සම්මේලනය කොළඹ, රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් මූලස්ථානයේදී එහි ප්‍රධාන ලේකම්, නීතීඥ ලෙස්ලි ද්වේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති ප්‍රධානතම වෘත්තීය සමිතියයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු අංශයේ සේවක සේවිකාවන් වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අනූ දහසකට (90000) අධික පිරිසක් මෙහි සාමාජිකත්වය දරයි. මොවුන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු අංශයේ ආයතන 480 ක සේවය කරන්නන්ය.

නිදහස් සේවක සංගමයේ සභාපති තනතුර නිල බලයෙන් හිමිව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය. සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වශයෙන්ද කටයුතු කරනු ලබයි.

– ජයකාන්ත ලියනගේ

344 views

8 Comments to “ශ‍්‍රීලනිපයේ නිදහස් සේවක සංගමය ආණ්ඩුවේ නියමය නොතකයි.. කම්කරු දිනය මැයි 01 දාම සමරයි..”

  1. indika. says:

    ලෙස්ලි දේවේන්ද්‍ර ජනාධිපති ගේ වත්තීය සමිති අධයක්ෂ ජෙනරාල් , උන්නැහැ සියලු වරප්‍රසාද , වරදාන සහිතව ද ස්වාධීනව කටයුතු කරන්නේ ……………………… මේවට කියන්නේ විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ කියලා………….

  2. Helaya says:

    You and your membership should have taken into the fact that VESAK FESTIVAL is the FOREMOST NATIONAL AND RELIGIOUS FESTIVAL of the NATION. Majority of your membership are BUDDHISTS and they and their family members would still be engaging in RELIGIOUS activities by that time

    • CORBRA says:

      රටේ වගකිවයුත්තන් දැනගෙනත් නොදන්නවා වගේ හිටියට ආගම් ප්‍රචාරය සඳහා අති විශාල මුදල් සම්භාරයක්‌ රට තුළට ගලාගෙන එනවා. විශේෂයෙන් මුස්‌ලිම් කටයුතු වෙනුවෙන් මැදපෙරදිගින් විශාල මුදලක්‌ ඔය කියන ඇමැතිවරුන්ට ලැබෙනවා එනිසා වත්මන් පාලකයෝ මුස්ලිම් ඇමැතිලාගේ ඒ රුකඩ බවට පත්වෙලා ඔවුන්ගේ අල්ලේ නටනවා විල්පත්තුව විනාශකරමින් ඉස්ලාම් කොළණි සෑදීමට ඉඩ දී බලන් සිටිනේ එනිසයි රටේ මහා ජාතිය අද යමපාලනේ සිරකරුවන් වෙලා …වෙසක් දිනය වෙනස් කිරීමට තරම් අද මුස්ලිම් ඇමතිලා බලවත් වෙලා ..සිංහල බෞද්ධයා වෙසක් පෝය සමරන්නේ මේ ජඩපාලකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීමටද?
      අපේ උතුම් බුදුන්වහන්සේ උපන් දිනය ,බුදුබව ලැබීම ,පරිනිර්වාණය සිදුවුයේ වෙසක් මාසය මැයි මාසේ බව නොදැනද ?
      ගෞරවනීය සංඝයාවහන්සේලා මේ පිලිබදව අපේ බෞද්ධජනතාව දැනුවත්කර මේ ජඩපාලකයන්ගෙන් අපේ උතුම් බෞද්ධාගම ආරක්ෂාකළ යුතුයි

  3. Open mind says:

    කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ද ? නායකයන් ට ස්තෝත්‍ර ගයන්න ද ?

  4. Janathawa says:

    NOT that you and your membership cannot hold it on that day. The VESAK IS MOST IMPORTANT RELIGIOUS POYA DAY OD THE NATION. DOES NOT IT UNETHICAL TO HOLD ON THAT DAY,AS MOJORITY OF YOUR MEMBERSHIP BEING BUDDHOSTS,THEY WOULD STILL BE ENGAGED
    IN RELIGIOUS ACTIVITIES.

    • DESHABANDHU says:

      It is still the 3rd day of the VESAK WEEK. Majority of your members are BUDDHISTS and your decision disturbs their and their family participation in RELIGIOUS activities,which may go on for whole WEEK,, as we have OBSERVED in the past.weekend

  5. Analyst says:

    MAY 1st, just the third day of the VESAK and donot the majority Buddhist membership feel much more than the May day,as they were observing it very much EARLIER stage(from childhood) than the May day which they have started to commemorate after getting a job(possibly after 20 or more years)?

    • Mahasona says:

      ලෝක මැයි දිනය හෝ වෙසක් දිනය වෙනස් කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක්‌ කිසිවකුට නැහැ..සිරිසේන පිස්සු නටනවා