ශ‍්‍රීලනිපයේ ප‍්‍රධාන සතුරා පොහොට්ටුවයි.. එජාපය හා අපි එක ගමනක් යන්නේ..- මනුෂ

July 24, 2018 at 1:20 pm | lanka C news
ශ‍්‍රීලනිපයේ ප‍්‍රධාන සතුරා පොහොට්ටුවයි.. එජාපය හා අපි එක ගමනක් යන්නේ..- මනුෂ

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන සතුරා වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යයි නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මහතා කියයි.

ශ‍්‍රීලනිප මීගමුව බලමණ්ඩලය පිහිටුවීමේ ජනහමුවේදී ඔහු මේ බව පැවසීය.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකම ගමනක් යන බවත් එය පසුගිය කාලයේ නිවැරදිව තේරුම් ගෙන නොතිබූ බවත් ඔහු සදහන් කලේය.

එක්ව ගමනක් යද්දී විවේචනය කරමින්ම යා නොහැකි බවත් සහයෝගයෙන් යා යුතු බවත් ඔහු පැවසීය.

දුෂණ චෝදනාවන්ට නඩු ඇති පිරිසක් පොහොට්ටුවේ සිටින බවත් පසුගියදා එක්වු පිරිසද එවන්ම පිරිසක් බවත් ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කලේය.
තීරු ලිපි

41 views

21 Comments to “ශ‍්‍රීලනිපයේ ප‍්‍රධාන සතුරා පොහොට්ටුවයි.. එජාපය හා අපි එක ගමනක් යන්නේ..- මනුෂ”

  1. SUNIMAL says:

    එජාපය සිරිසේනව පොදු අපේක්ෂකයා ලෙස පිළිගත් බව නිල වශයෙන් දැනුම් දීමට සිරිසේන හමුවීමට ගියේ විජේදාස රාජපක්ෂය. ඒ බව දැනුම් දෙනවාත් සමග සිරිසේන පුදුම වී… “මචං විජේ.. මේ රටේ ධනපතියන්ගේ පක්ෂය මාව ජනාධිපති කරන්න තීන්දු කළා..? අදහන්න බෑ මචං..! කියා විජේදාසව බදාගත්තේ ය.

    සිය නායක රනිල් ගේ ද එකඟත්වයෙන් මෛත්‍රීපාල පොදු අපේක්ෂකයා වූ බව දැනගත් අවස්ථාවේ බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයා තුළ ඇතිවූයේ දැඩි කෝපයකි. කලකිරීමකි. ඔව්හු රනිල්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළහ. අලියා ලකුණින් එන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකුට හැර වෙනත් කිසිදු බම්බුවෙකුට චන්දය නොදෙන බව ඔවුහු පැවසූහ. මෛත්‍රීට සහය පල කළ රනිල් ගේ තීරණයට විරුද්ධව කතා කළහ. බිම් මට්ටමේ පාක්ෂිකයා ගේ මේ විරෝධය ඉහල මට්ටමේ සාමාජිකයන් වෙත ද ගමන් කර තිබුනේය.

    මේ අතර, සිරිසේන පුජ්‍ය සෝභිත හිමියන්ටත්, රනිල්ට සහ මෙම ප්‍රයත්නයට සහාය දෙන වෙනත් පක්ෂවල නායකයනටත් සහතික වී තිබුනේ තමා ශ්‍රීලනිපයෙන් 30ක්- 35ක් පමණ කඩාගෙන එන බවයි. එහෙත් ඔහු සමග පැමිණියේ එක අතක ඇඟිලි ගණනටත් වඩා අඩු සංඛ්‍යාවක් බව රටට අමතක නැත. ආපු උන් පවා නයි පෙන්නා, මැරුණු අප්පලා පෙන්නා ‘අප්පච්චිලා’ සොයා ආපසු ගියහ.

    අත වන වනා ආ එකාට ජනාධිපති අපේක්ෂක කමක් දෙන්න පිස්සුද?

    මෙයින් එජාපාක්ෂිකයෝ තවත් කෝප වූහ. “තනියම අත වන වනා ආපු එකෙකුට පොදු අපේක්ෂකත්වය දෙන්ඩ නායක තුමාට පිස්සුද?” බිම්මට්ටමේ පාක්ෂිකයෝ විමසූහ

  2. kaduwela silwa says:

    මොහුගේ පාර්ලිමේන්තු දේශපාලනයේ අවසානයට පැමින ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් එකම ශ්‍රි.ල.නි.ප. මංත්‍රිවරයෙකු හෝ පත් නොවනු ඇත. යු.ඇන්.පියට ගියත් ඔවුන්ට ලැබෙන මංත්‍රි ධුර 3 ගයන්ත ,වජිර සහ විජේපාල හෝ බංඩාරිගොඩට හෝ හිමිවනු ඇත.

  3. Love nature says:

    තමන් ජනවාරි 08 වෙනිදා ට පෙර ජනතාව හමුවේ ලබා දුන් පොරොන්දු කිසිවක් දැන් මෛත්‍රීට මතක නැත. ජනවාරි 08 වෙනිද කිව් කතා දැන් මතක නැත. සොභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරියේ ලබා දුන් පොරොන්දු මතක නැත. ඊයේ ඇසුනේ ඒ බලයට කැදර වූ මිනිසෙකුගේ අඳෝනාවකි. කොළේ ඉරාගෙන තිබෙන්නෙ ‍මෛත්‍රීය..හත් පොලේ ගාගෙන තිබෙන්නේ මෛත්‍රීය..දැන් අඬන්නේද මෛත්‍රීය.

  4. Gadol says:

    පොහොට්ටුවට, මහින්දට අපේ සුභපැතුම්

  5. dikson says:

    pissu munta

  6. Dr Lakshman Fernando says:

    THEN GO. DOES NOT MATTER. PROCEED WE CAN SEE.

  7. Asaranaya says:

    මනිශයා දේශපාලනයට ආවෙ කොහෝමටත් හුඇන්පියෙන්නේ

  8. Nimal R says:

    අලි නැට්ටේ එල්ලිලා අලි බෙටි කන ගමන් සුවඳයි කියන මෙහෙමත් අපතයෝ . UNP කාරයෝ UNP එකට චන්දෙ දෙනවා මිස මේ වගේ ගෙම්බන්ට දෙන්නේ මොකටද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මැරිලා ඉවරයි ගොනෝ .

  9. Nandasoma Suriyaarachchi says:

    උඹ හරි පුතේ…..

    සිරිසේන, මහින්දට විරුද්ධව පොදු අපේක්ෂකය වෙලා, යූ ඇන් පී ඡන්ද වලින් ජනාධිපති වෙලා, ශ්‍රී ලංකා එකේ නායකය වෙලා, යහපාලන ආණ්ඩුවට එකතු වෙලා, මහමැතිවරණයේදි යූ ඇන් පීය දිනවන්න වැඩ කරපු වෙලාවෙ ඉඳල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් නැහැ….!

    පොහොට්ටුව හදපු දවසෙ ඉඳල, ශ්‍රී ලංකා එකේ සහ යූ ඇන් පී එකේ ප්‍රධානම හතුර තමයි පොහොට්ටුව…..!!

  10. හොද්ද හොඳට බොරකරගනින් අන්තිම වතාවනේ පාර්ලිමේන්තුව දකින.ආයේ පරණ රස්සාවටත් ගන්න එකක් නෑ මොකද උද්දඡ්ච බක පන්ඩිත මීහරකා නිසා.ගාල්ලේ හාබර් එකෙන් හරි ගිංතොටින් හරි මුහුදට පනින්න ලෑස්ති වෙලා ඉඳපන් මිනිස්සු කැති මුගුරැ අරගෙන පස්සෙන් එළවනකොට.

Main News