ශ‍්‍රීලනිපයේ සිටින්නේ මුදලට යටවු අවස්ථාවාදි පිරිසක්..- ශ‍්‍රිලපොපෙ

December 27, 2017 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිපයේ සිටින්නේ මුදලට යටවු අවස්ථාවාදි පිරිසක්..- ශ‍්‍රිලපොපෙ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇත්තේ මුදලට යටවු අවස්ථාවාදි පිරිසක් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

සැබෑ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග බව ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාඋල – හැළඹගහවත්ත කොට්ඨාශයේ අපේක්ෂක හා හිටපු ප‍්‍රාදේශිය සභා සභාපති (එජනි)සනත් දසනායක මහතා ඉකුත් දා (26) සදහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ රටට ආදරය කරන ප‍්‍රගතිශිලි පිරිස ද සිටින්නේ නෙළුම් පොහොට්ටුව වටා බව ද ඒ මහතා දහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේ දී නාඋල ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ මැතිවරණ සූදානම පිළිබදව කල විමසීමක දී හෙතෙම මෙම අදහස් පල කළේය.

මේ වන විට තමන් ඇතුළු පිරිස ශ‍්‍රී ලංක නිදහස් පක්ෂය අතහැර ඇති බවත් නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රගති ශිලි පිරිස් පක්ෂය වටා එක්වී සිටිනන බව ද සනත් දසනායක මහතා ස`දහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සනත් දසනායක මහතා මෙසේ ද කීය.

‘‘ ඇත්තටම මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ඉවර කරලා එතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනකොට බහුතරයක් එක්සත් ජාතික පක්ෂය ඡන්දය දුන්නා එතුමට.

එදා යම් මතවාදයක් හින්දා අපේ ජනාධිපතිතුමාට පරදින්න සිද්ධ වුනා.

හැබැයි ඉතිහාසයේ පළමු වතාවට ලෝකයේ ජනාධිපතිවරයෙක් පැරදිලා කෙටි කාලයකින් මේ තරම් ඉක්මනට මිනිස්සු අතරට ගෙනාවේ මහින්ද රාජපක්ෂ හැර වෙන විකල්පයක් නැ කියලා රටේ මතයක් හැදුන නිසයි.

මහ බැංකු සිද්ධියත් එක්ක මිනිස්සු මේ වෙලාවේ ආර්ථික අහේනියකට පත්වෙලා ඉන්නේ. මේ නාඋල ගත්තොත් එහෙම බොහොම පිරිසක් කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.

බහුතරයකගේ ගොවිතැන් විනාශ වෙලා ගිහින් බඩු මිලට හුමුණ දෙන්න බෑ තමන්ගේ ආර්ථිකය වැටිලා.

මිනිස්සු බලාපොරොත්තු වෙනවා හොදට ගිය රට නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහත්තයට දෙන්න ඕනේ කියන කාරණේ. අද ඔය කතාකරන සමහර අය ගත්තහම පොලිසියේ පැමිණිලි කීයක් තියෙනව ද මේ අයට විරුද්ධව.

මුදල් වංචාවන් කීයක් තියෙනවද කියලා ජනතාව දන්නවා. ඒ හින්දා අපි කියන්නේ අපි හොරුනන් නීතිත්‍යනුකුලව දඩුවම් කරන්න කියලා කියනවා. අපි ඉතාමත් පිරිසිදු පිරිසක් තමයි අරන් ඉන්නේ ඡන්දෙට.

අපි ඉල්ලා හිටින්නේ මේ වෙලාවේ පාට පක්ෂ සියල්ලම පැත්තකට දාලා රට ගැන හිතලා පොහොට්ටුවට ඡුන්දය දෙන්න කියලා ’’ යැයි ද කියා සිටියේය.

– ඉන්දික අරුණ කුමාර

128 views

2 Comments to “ශ‍්‍රීලනිපයේ සිටින්නේ මුදලට යටවු අවස්ථාවාදි පිරිසක්..- ශ‍්‍රිලපොපෙ”

  1. Roshan says:

    ගිය ආන්ඩුව කාලෙ ඔහොම නෑ නේද මචං.

  2. නාඋල උලමා says:

    මහින්දගෙ කාලෙ UNP එවුන් ඒ පැත්තට පැන්නෙ මුදලට නෙවිද බං? උඹත් නියම ජෝකරයෙක්. මෙිපාර ඇපේවත් බෙිරගන්න බලපං. මොකද පේන්න තියෙන හැටියට පොහොටිටුව 3 තමයි.

Main News