ශ‍්‍රීලනිපය අත ලකුණේ මහපට ඇගිල්ල පොහොට්ටුවේ හැඩයට නමයි.. පොහොට්ටු ඡන්ද දායකයන් ඡන්ද පොලේදී රවටන්න සැරසේ..

November 26, 2017 at 10:50 pm | lanka C news
ශ‍්‍රීලනිපය අත ලකුණේ මහපට ඇගිල්ල පොහොට්ටුවේ හැඩයට නමයි.. පොහොට්ටු ඡන්ද දායකයන් ඡන්ද පොලේදී රවටන්න සැරසේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවූ දින සිට මේ දක්වාව පැවති මැතිවරණ සලකුණ වන ‘අත’ ලකුණ වෙනස් කරන්නැයි එම පක්‍ෂය විසින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විරෝධය පල කර තිබේ.

දැනට මැතිවරණ කොමිසම සතුව ඇති ශ‍්‍රීලනිප සලකුණ වන අත හි මහපට ඇගිල්ල නවා දක්වීමට මෙම වෙනස යෝජනා කර ඇත.

ඊට බරපතල ලෙස විරෝධය පල කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලෙකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් මැතිවණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

යම් හෙයකින් අත ලකුණේ මහපට ඇගිල්ල නැමුවහොත් එය තම පක්‍ෂයේ ලාංඡුනය වන පොහොට්ටුව යයි ඡන්ද දායකයන්ට වරදවා ඒත්තු ගැන්විය හැති බවත් ඔහු පෙන්වා දී ඇත.

මෙම වෙනස සිදු කලහොත් එය මැතිවරණයකදී බරපතල අවුල් සහගත තත්වයක් වනු ඇති බවත් එනිසා කිසිසේත්ම මෙම සංශෝධනය ඉඩ නොදිය යුතු බවත් ලේකම්වරයා තව දුරටත් සදහන් කර තිබේ.

85 views

7 Comments to “ශ‍්‍රීලනිපය අත ලකුණේ මහපට ඇගිල්ල පොහොට්ටුවේ හැඩයට නමයි.. පොහොට්ටු ඡන්ද දායකයන් ඡන්ද පොලේදී රවටන්න සැරසේ..”

  1. Srilanipaya says:

    Mun hadanne kokken barinam kekken hari nathnam mona upparawattiyak daala hari labenna thiyena nowalakwiyahaki parajaya walakwa gannai.

  2. Sunil says:

    සිරිසේන ඡන්ද වලට කොච්ර භයද කියල මේකෙන්ම පේනව.

  3. රාහුල කොලුවා says:

    අංශක 180 ට නැමුවත් අපිට නම් අතයි පොහොට්ටුවයි අඳුර ගන්න පුළුවන්….

  4. Boo says:

    අසරණ වූ දේශපාලන අනාථයෝ .

    මේ වගේ ලැජ්ජාවක් නැති උන් තමයි බලය ලැබුනම කිසි විලි ලැජ්ජාවක් නැතුව හොරකම් කරන්නෙත්.

  5. Upali says:

    නිකම් බොරු කතා. අඟිල්ලක් නවල අත පෙන්නුවා කියල මේ පොහොට්ටුව කියල රැවටෙන මෝඩයො දැන් නෑ. ඒ හිටියේ 50 දශකයෙ. මේ නම් ලනුවක්. හැබැයි උන් අතෙන් ආවත් බුලතින් ආවත් මහින්ද මහතාගෙ චායාරුපය උන්ගේ චන්ද පොස්ටර් වල පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නව වෙන්න පුලුව න්.එහෙමෙ උනොත් නම් කොටසක් රැවටේවි.

    • සුදත් says:

      මනුස්සයෝ හැම කෙනාටම එකම දැනීම පෙනීම අවධානය නෑ සමහරුන් අවදානයෙන් යමක් දිහා බලන්නේ නෑ විසේශයෙන් චන්දපොලකදී සමහර අය හදිසි වෙනවා කොලේ ගත්ත ගමන් චන්ද ලකුණට චන්දෙ ගහනවා නමුත් සමහරුන් ලකුණ තෝරන්නේ එහි තිබෙන කොටස් බලලා නෙවෙයි පිටතින් පෙනෙන හැඩයට (profile එකට).සමහර අවස්ථාවල මිනිස් ඇස දකින්නේ තමුන් දකින්න ඕනා දේ මිසක් ඇත්තටම තමුන් ඉදිරියෙන් තිබෙන දේ නෙවෙයි .
      අනෙක් කාරණාව හැමෝටම එකම පෙනීම නෑ සමහරුන් ට ඇස් කන්නාඩි නෑ සමහරු වයසයි
      මේ කාරනා නිසා අනිවාර්යෙන්ම එක වගේ චන්ද ලකුණු අනුමත කිරීම ඉතාම වැරදියි එවැනි දෙයක් කලොත් චන්ද කොමසාරිස්ට විරුද්දව නඩු දමියයුතුයි .
      මිනිසා වස්තුන් දකින්නේ කොහොමද කියල වැඩසටහනක් නැෂනල් ජෝග්‍රපික් නාලිකාවේ විකාශනය වුනා අන්න එකේ බොහොම විද්යානුකුලව මේ ලකුණු දැකීමේ සත්‍ය ගැන පැහැදිලි කරලා දෙනව.

      • Upali says:

        ඒකත් හරි කියමුකො, එහෙත් මම පසුව කී දෙය උන් ක්‍රියාත්මක කලොත්, නීතියෙන් අපට කල හැකි දෙයක් තිබේද කියල සොයා බැලිය යුතුය. ඒ ප්‍රශ්නය මේ ඇඟිල්ලෙ ප්‍රශ්නයට වඩා බලගතු වෙනු ඇත.

Main News