ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවොත් විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..?

May 25, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවොත් විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..?

මීලග ජනාධිපතිවරණයට තරග කිරීමට අදහසක් ඇත්තේ නම් ජනාධිපති මෛත‍්‍රිපාල සිරරිස්න මහතා මුලින්ම කල යුත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇත්තේ අයිසින් කේක් ගෙඩියේ බටර් කේක් කොටස පමණක් බවත් අයිසින් කොටස ඇත්තේ ශ‍්‍රීලනිපයේ බවත් ඔහු සදහන් කරයි.

පසුගිය මැතිවරණයේදී සුළු ජාතික ප‍්‍රදේශයන්හිදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට වඩා ඡුන්ද ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ලබා ගැනීමෙන් එම තත්වය පැහැදිලි වන්නේ යයිද ඔහු පෙන්වා දෙයි.

මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද පාර්ශවයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කරවීම සදහා 16 කණ්ඩායමේ ඡුන්ද ප‍්‍රමාණය ඉතා වැදගත් බවද ඔහු සදහන් කරයි.

24 views

8 Comments to “ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවොත් විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..?”

  1. Lasantha says:

    මේ තර්කය නිකන් පුස් තර්කයක්. පහු ගිය පලාත් පාලන චන්දෙ ප්‍රථිපල දිහා හොදින් බැලුවම මටනම් පේන්න තියෙන්නේ මෙහෙම දෙයක්. පොහොට්ටුව 46% වගේ චන්ද ප්‍රතිශතයක් ගත්තා. ඒ චන්දෙදි රටේම චන්ද දැමීමේ ප්‍රතිශතය 80% වගේ තිබ්බේ.ඒක හරියට ජානාදිපති වරනයකදී ප්‍රතිශතයට සමානයි. එහෙම බලපුවාම ජනාදිපති වරනයකදීත් එවැනිම චන්ද ප්‍රතිශතයක් පොහොට්ටුවට ගන්න පුලුවන් ලේසියෙන්ම. සිරිසේන පාර්ශවය 13% වගේ ගත්තා.ඔතනින් පොහොට්ටුවට ලේසියෙන්ම තව 6-7% වගේ ගලවගන්න පුලුවන්.මොකද බුලත් කොලේට හා අතට දුන්න චන්ද වලින් ගොඩක් මහින්ද හිතවාදී අය.ඔව්න් සිරිසේනට දුන්නේ ඒක ආණ්ඩු පෙරලන චන්දයක් නොවන නිසාත්, ඔව්න්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීම සදහාත් පමනි. දැන් එතකොට පොහොට්ටුවට 46+6 = 52% වගේ චන්ද ප්‍රතිශතයක් තියෙනවා. සිරිසේන හිතවාදීන් එක්තරා උප්පර වැට්ටියකට ලැස්ති වෙනවා වගේ පේනවා.ඔව්න් කරන්න යන්නෙත් සුලු ජාතීන් කරන්න යන දේම තමා. ඒ මොකක්ද 13% පෙන්නලා පොහොට්ටුව නටවන්න යන්නේ. නමුත් ඒක ඔව්න්ට කරන්න බෑ.මොකද ඒ චන්ද වලින් ගොඩක් සිංහල මහින්ද හිතවාදී චන්ද. අනික ඩිලාන් පෙරේරා වගේ ෆෙඩරල් වාදී දේශපාලන ගොබ්බයෙක්ට කරන්න පුලුවන් ලොකු කෙන්ගෙඩියක් නෑ.ඔය වගේ හීන වල ජීවත් වෙනවා ඇරෙන්න.

    • chapa says:

      MR ta one agamaethikam saha namalta para kapanna, gota dammoth eka wenne naeha, ethuma 2030 wenakm innawa, My3 dinuwath 2025 di yanawa, gota MRta agamaethikam deida sure ekakuth naeha, eka hinda MR my3 gaena wishwasayak aethi gotata wada

  2. Dr Lakshman Fernando says:

    HELLO, DILAN NOT REQUIRED TO BRING UNWANTED, CAN NOT ACTIVATE PROPOSALS TO PARTY. MR MAHINDA & LEADERS KNOW WHAT THEY REQUIRED TO DO. KEEP QUITE.

  3. Kadiya says:

    මේ කථා වලට කිවයුත්තේ කුමක්ද? සිරිසේන 2015 ජනවාරි 9 දා ජනාධිපති තනතුරට පත්වූ පසු කරනලද නොපනත් කම්වල තාර්කික ප්‍රතිඵල ඔහුම විඳිමින් සිටී, හෝ නැතිනම් මෙයත් ඔහුගේම පෙරමෙන් කරණලද රංගනයක් වීමටද පුළුවන.
    UNP රාජ්‍ය පාලනයට ගෙනෙන ලද්දේ සිරිසේන විසින් මිස ශ්‍රී ලංකාවේ ජනතාව විසින් නොවේ. තමා ජනපති වූ වහාම රනිල් අගමැති කිරීම පළමු අදියර වූ අතර අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී සිරිසේන විසින් UPFA පරාජය කිරීම සඳහා කරණලද සටකපට කම් නිසා පාර්ලිමේන්තු බලය රනිල් (UNP) සතු විය. එමනිසා පසුගිය වසර 3 මාස 4 කට වැඩි කාලය තුලදී රනිල් විසින් රටේ දේපල, ආරක්ෂාව, සංස්කෘතිය, ආර්ථිකය අරභයා කරනලද සියලු විනාශයන්, පාවාදීම්, නොපනත්කම් සියල්ලටම සිරිසේන සම්පුර්ණයෙන්ම වගකිවයුතුය.
    ඒ සම්බන්ධයෙන් සිරිසේනට සමාවක් දීමට මේ රටේ දේශප්‍රේමීන් කිසිදා කැමැති නොවනු ඇත. SLFP රැකගැනීමට කැසකවන හිපාටුවන් කුණුවූ ඕජස් ගලන SLFP ය සමඟම අපාගතවනු නියතය.

    • Samuvel says:

      අනේ මචෝ, මටත් මොනව හරි කොමෙන්ට් එකක් දාන්න ටිකක් හරි ඉතුරු කරපන්කෝ. උඹ ඔක්කොම කියල දානවනේ මයි 3 ගේ බුලත් පයියට හෙන ගහන්න වගේ.

  4. Priyantha says:

    කවුරැ ොන මත දැරැවත් ොන හීන දැක්කත් අපි යථාර්ථය ගැන අවධානයෙන් සිටිය යුතුයි .ඔය එනව කියන කිසිදු අපෙක්ෂකයකු ට ජාතික නායකත්වය ක් ොමැති අතර සමස්ත ජනතා ප්‍රසාදය මෙන්ව පිරිසිදු හා නිදහසේ නායකත්වය ත් ොව විශ්වාසය තිබෙන නායකත්වය ත් මෛත්‍රී පමණක් බව පෙනෙ

    • ගිරවා says:

      @ Priyantha ,
      යහපාලන බත්බැලයෙක්ගේ අදහසක් වගෙයි …අනේ මෝඩයෝ මේ රටට නැවත ජනපති කමට පබයෙක් කුමටද ?
      අපේ කුබුරේ හිටවා ඇති පබයා ඔහුට වඩා හොදයි

    • maraya says:

      සමස්ත ජනතා ප්‍රසාදය මෙන්ව පිරිසිදු හා නිදහසේ නායකත්වය මෛත්‍රිට …මොනවා ???
      .උබ හීනෙන් දොඩොනවද ? නැත්තනම් හැටිද ? මොනවාද මේ විකාර කථා …උබට පෙත්ත ගන්න අමතක උනාද ?
      Priyantha උබේ පිස්සුව වැඩි වෙලා වගෙයි පලයන් ලගම ඇති මානසික රෝහලට