ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි.. යෝජනාව පක්‍ෂ විධායක සභාවට…

March 14, 2021 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි.. යෝජනාව පක්‍ෂ විධායක සභාවට…

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වාහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් සහිත වාර්තාවක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු විසින් පසුගියදා පැවැති පක්ෂ විධායක සභාවට ඉදිරිපත් කර ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇතිකරගත් ගිවිසුම් ප‍්‍රකාරව නිදහස් පක්ෂයට ආණ්ඩුව කටයුතු නොකිරීමත් නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ට පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ගෙන් සිදුවන විවිධ හිරිහැර සහ ආණ්ඩුව මේ වනවිට දේශපාලනික වශයෙන් ජනතාවගෙන් ඈත්වීමක් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ පත්කළ ජනාධිපති කොමිසම මගින් ශ‍්‍රීලනිපය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවටත් එම වාර්තාවේ දැක්වේ.

එහෙත් මෙහිදී නිදහස් පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් මේ මොහොතේ කිසිසේත්ම ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බවත් එසේ ඉවත් වුවහොත් ඊළඟට කටයුතු කරන වැඩපිළිවෙළ කුමක්ද යන්නත් විමසා තිබේ.

– අරුණ බෝගහවත්ත

36,345 views

16 Comments to “ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි.. යෝජනාව පක්‍ෂ විධායක සභාවට…”

  1. බන්ඩා says:

    මෛත්‍රීපාල යටතේ ශ්‍රිලනිප දුර්වල පක්ෂයක් බවට පත් උනා. අද ජාතිකවාදීන් සමග එක්ව මිස තනි ගමනක් ශ්‍රිලනිප ට නැහැ.

    • fass says:

      ලොකු දෙයක් අයින් වෙන්නකෝ ඉක්මනට

      • බන්ඩා says:

        ශ්‍රිලනිප ට කවදාවත් සජිත්ට එකතු වෙන්න බැහැ.

  2. BJP says:

    පළාත් සභා මැතිවරණය නොතියා ඉන්න පොහොට්ටුවේ අංකුරෝ එක එක උපක්‍රම දානවා.එකට ඉල්ලුවත් බෙදිලා ඉල්ලුවත් පරාදයි කියලා දන්නවා.එවිට වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය කොතරම් දැයි පෙනෙනවා.ප්‍රථිපලයෙන් පසු ආණ්ඩුව ඇද වැටෙනවා.මේ යථාර්ථයට බයේ පොහොට්ටුවන් මරු විකලෙන් දඟලනවා.

    • Deelaka Fer says:

      ඒ ඉතින් උබ වගේ එකෙකුට හිතෙන විදිහ​😂😂😂😂
      තොපිට මෙ රජය තවත් අවුරුදු 10 කටවත් පෙරලන්න බැහැ😂😂😂😂

    • බන්ඩා says:

      පලාත් සභා සහ පලාත් පාලන චන්ද නොතියන තැනට වැඩ කලේ යහපාලනය බව අමතකද? මහින්ද කපාලන සමයෙ කිසිම චන්දයක් කල් දරම්මෙ නැහැ.
      2022 පලාත් පාලන චන්ද එනවා.

    • kk says:

      Sleep well at night, otherwise you may see these kind of bad day dreams.

    • fass says:

      ප්‍රසාදය වැඩි හින්ද වෙන්න ඇති යහපාලන සෙට් එක අවුරුදු ගානක් චන්දෙ තිබ්බේ නැත්තේ.

  3. Upali says:

    ඕකෙම එල්ලිලා ඉන්නවලා. නැත්තම් අනාථයි.

  4. GAMINI SENANAYAKE says:

    ගිවිසුම අනුව කටයුතු කරේ නෑ කියලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්ඩ හදනවා. ගිවිසුමේ තියෙන්නේ බලය ගත්තට පස්සේ තනතුරු බෙදා ගන්න විදියක්. දැන් ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න තියෙනවා කියලා, මේ ගොල්ලො මිනිස්සුන්ට කියලා, තනතුරු නැති එකටයි ආණ්ඩුවෙන් අයින් වෙන්ඩ යන්නේ. මේක හරිද කියලා ඔය පක්ෂ සාමාජිකයො කල්පනා කරලා බලන්ඩ ඕනි. අනික කොමිසම දැම්මේ මෛත්‍රීපාල. ඒ කොමිසමෙන් තමයි එයාට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. එතකොට ඒක ආණ්ඩුව කරපු දෙයක් කියලා කොහොමද ඔය පක්ෂ අර්ථ නිරූපණය කරන්නේ. ඉස්කෝලේ 10 පන්තියේ ඉන්න ළමයත් දන්නවා, මෛත්‍රීපාල මේ ප්‍රහාරය දැන ගෙන මග ඇරලා ගියා කියලා. මේ ජාතික අපරාධයට වග කියන්න ඕනේ කවුද? එතකොට.
    මේ වෙලාවේ ඔය පක්ෂය කරන්ඩ ඕනේ, ජාතික අපරාධය කරපු එකa පක්ෂyen පන්නලා දාලා, පක්ෂෙ ප්‍රතිසංවිධානය කරන එක.

    • kkuruwita says:

      ඔබ හරියටම හරි. කතාකරන කාගෙත් අදහස ඕකයි.

  5. Niru says:

    Hooray

  6. තොපි යහපාලන ආණ්ඩුවේ කොරපුව අපි දන්නවා නෙ
    තොපිට ඔය බොඩ් ලෑල්ල හරි ඉතුරු වෙලා තියෙන්නේ පොහොට්ටු වට පිං සිද්ධ වෙන්න
    තොපි අයින් වෙන එක ඉතිං සාමාන්‍ය යි

  7. KKURUWITA says:

    සිරිසේන මහතා නියම මහත්මයෙක් නම් පක්ෂයේ ගරුත්වයත්, පක්ෂයත් ආරක්ෂා කර ගැනීමට නම් මේ මොහොතේ ඔහු පක්ෂයෙන් ඉවත්විය යුතුයි. පරීක්ශන වලින් පසු ඔහු නිදහස් වුවහොත් නැවතත් තන තුර ලබා ගත හැකියි. පක්ෂය අස්සේ හැංගිලා වැරදි වලින් බේරෙන්න හදන එක නුසුදුසු ක්‍රියාවක්. ජනතාවට හා පාක්ෂිකයාට වඩා වැදගත් වෙන්නේ සිරිසේනට වඩා පක්ෂයයි.

  8. John the baptice says:

    රනිල්ගේ පස්සේ ගිය අය අපිට එපා.

  9. රාහුල මල්ලී says:

    නිලන්තයි සිරිසේනයි හිටියේ තාත්තයි පුතයි වගේ කියලා හිටපු ආරක්ෂක ලේකම් කොමිසමට කිව්වා… හැබැයි පුතාට ආපු පාස්කු ඔත්තුව පුතා තාත්තට කියලා නෑලු… හිතන්න පුළුවන් දෙයක්ද…? නිවුස් එක ආවා.. ගනන් ගත්තේ නෑ… සිංගප්පූරු ගියා… ඒකයි වුනේ….

Main News