ශ‍්‍රීලනිපය උකුසු ප‍්‍රහාරයට සැරසෙයි.. පාර්ලිමේන්තුවේ 2/3 කේවල් කරන්න සූදානමක්..?

August 21, 2020 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිපය උකුසු ප‍්‍රහාරයට සැරසෙයි.. පාර්ලිමේන්තුවේ 2/3 කේවල් කරන්න සූදානමක්..?

පාර්ලිමේන්තුවේ වත්මන් ආණ්ඩුවට ඇති තුනෙන් දෙකේ බලය කේවල් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමේ සූදානමක ඇතැයි වාර්තා වෙයි.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සිටියි.

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට හෝ ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය වන 2/3 බලය ලබාගැනීමට ශ්‍රීලනිප එම මන්ත්‍රීවරුන් තීරණාත්මක වේ.

එම තත්ත්වයක් මත එම බලය දේශපාලන වශයෙන් කේවල් කිරීමට යොදා ගැනීමේ සූදානමක එම පක්ෂයේ සිටින බව වාර්තා වෙයි.

දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තම පක්‍ෂයේ යෝජනා සකස් කිරීම සදහා කමිටුවක් පත් කර තිබේ.

82,801 views

17 Comments to “ශ‍්‍රීලනිපය උකුසු ප‍්‍රහාරයට සැරසෙයි.. පාර්ලිමේන්තුවේ 2/3 කේවල් කරන්න සූදානමක්..?”

  1. හුටා පටස් says:

    තව අවුරුදු පහකුත් පිස්සු නාඩගම් බලබල ඉමු. ප්‍රශ්න විසඳන්න බැහැ මේ විදියට ගියොත්

  2. chandimani says:

    අපි මුලදිම කිව්වා නේද මුන් සම්බන්ධ කරගන්නේ නැතිව තනියම යමු කියල. ඇහුවාද? නැහැනේ…. නැහැනේ…. දැන් තේරෙනවා නේද ඇයි අපි මුලදි කිව්වේ කියල? මුන් නැතුව පොහොට්ටුවට තනියම 2/3 ගන්න පුළුවන්කම තිබුනා නේ? දැන් අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු නේද සුන් වෙන්නේ???

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඔතන මූල්‍ය චෝදනා සහ වෙනත් චෝදනා තියෙන අය ඉන්නවා, දුමින්ද – සබිතගේ බිල්ඩිමට කෝටි ගණනක් ගෙවීම. දයාසිරි – මහබැංකු වංචාකරුගෙන් මුදල් ගැනීම, සිරිසේන – පාස්කු ප්‍රහාරය, නිමල් සිරිපාල – නිල්වලා යෝජනා ක්‍රමය. ඔය මට මතකෙට එන දේවල්. බලපෑම් වලටබය වෙන්න එපා. ඕවට නඩු දාලා හිරේ යවා ප්‍රජා අයිතිය අහෝසි කරන්න. උකුස්සට පියබන්න තටු නැතිවේවි.

  4. Gajaba says:

    Dan Sathutuda ? Thawath 16 kalliyak …
    Ane manda owwata monawa kiyannanada kiyalaaa

  5. gamarala says:

    ආප්පයට ආප්ප සෙල්ලම තවම් මතකයි

Main News