ශ‍්‍රීලනිපය උකුසු ප‍්‍රහාරයට සැරසෙයි.. පාර්ලිමේන්තුවේ 2/3 කේවල් කරන්න සූදානමක්..?

August 21, 2020 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිපය උකුසු ප‍්‍රහාරයට සැරසෙයි.. පාර්ලිමේන්තුවේ 2/3 කේවල් කරන්න සූදානමක්..?

පාර්ලිමේන්තුවේ වත්මන් ආණ්ඩුවට ඇති තුනෙන් දෙකේ බලය කේවල් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමේ සූදානමක ඇතැයි වාර්තා වෙයි.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සිටියි.

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට හෝ ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය වන 2/3 බලය ලබාගැනීමට ශ්‍රීලනිප එම මන්ත්‍රීවරුන් තීරණාත්මක වේ.

එම තත්ත්වයක් මත එම බලය දේශපාලන වශයෙන් කේවල් කිරීමට යොදා ගැනීමේ සූදානමක එම පක්ෂයේ සිටින බව වාර්තා වෙයි.

දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තම පක්‍ෂයේ යෝජනා සකස් කිරීම සදහා කමිටුවක් පත් කර තිබේ.

82,801 views
Main News