ශ‍්‍රීලනිපය එලවා දමා තනි ආණ්ඩුවක් හදනවා..- එජාපය කියයි..

December 22, 2017 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිපය එලවා දමා තනි ආණ්ඩුවක් හදනවා..- එජාපය කියයි..

ලබන පෙබරාවරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවණයෙන් පසු එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව එම පක්‍ෂය සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා එජාප ජන හමුවක් අමතමින් කියා සිටියේය.

‘ජාතික ආණ්ඩු කරන්න ගිහිල්ලා එජාපයේ අපට මේ වෙනකොට හොද පාඩමක් ඉගෙන ගන්න පුලූවන් වෙලා තිබෙනවා.

අපේ එජාපයේ ඉන්නේ එක නායකයයි. අපි ඒ නායකයා සමග රොද බැදගෙන ඉදිරි පළාත් පාලන මැතිවරණය විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කරනවා.

එම ජයග්‍රහණයෙන් පස්සේ අපි එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් හදන්න කටයුතු කරනවා කියා මං නොබියව කියනවා’ යයිද මන්ත‍්‍රවරයා පැවසීය.

15 views

2 Comments to “ශ‍්‍රීලනිපය එලවා දමා තනි ආණ්ඩුවක් හදනවා..- එජාපය කියයි..”

  1. Saradiel says:

    2020

    ඔබට තිරණය කරන්න තියෙන්නේ රනිල්ට ඡන්දෙ දීල රට පාවා දෙනව ද, නැත්නම් මහින්ද මහත්තයට ඡන්දෙ දීල රට රැකගන්නවද කියන එකයි. රනිල්ට ඡන්දෙ දීල රණවිරුවො ජීවිත පරිත්‍යාගයෙන් ඇස් ඉස් මස් ලේ දන්දීමෙන් රැකගත් රට පාවාදීමෙන් රණවිරුවන්ගේ පරිත්‍යාග ගඟට ඉණිකැපීමක් කර ගන්නවා ද? රණවිරුවන්ට ගරු කිරීමටත් රට රැකගැනීමටත් මහින්ද මහත්තයත් එක්ක වැනෙන්නෙ නැතිව කෙලින් ඉන්න මන්ත්‍රීවරුන් 125 දෙනකුවත් පත්කර ගත යුතු වෙනවා.

  2. Hora says:

    මෙයා හිතාගෙන ඉන්නේ පළාත් පාලන මන්ත්රීලත් එක්ක පාර්ලිමේන්තුව හදන්න වෙන්නැති . දන්නැති හින්දයි අහනේ .

Main News