ශ‍්‍රීලනිපය කපා දමයි.. එජාප තනි ගමනක් යන්න අගමැති රනිල් තීරණය කරයි..

June 30, 2018 at 1:20 pm | lanka C news
ශ‍්‍රීලනිපය කපා දමයි.. එජාප තනි ගමනක් යන්න අගමැති රනිල් තීරණය කරයි..

ආණ්ඩුවේ මුදලින් කෙරෙන සියලුම ව්‍යාපෘති මින් ඉදිරියට මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරමින් සිදුකිරීමටත් ශ්‍රී ලනිපයට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන පරිදි ක්‍රියාත්මක කිරීමටත් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව එහි ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඒ අනුව මින් ඉදිරියට ආණ්ඩුව ක්‍රියාත්මක කරන රැකියා, සමාජ සුබසාධන, මහාමාර්ග හා අධ්‍යාපන ඇතුළු සියලු ව්‍යාපෘතීන් එජාප මැති ඇමැතිවරුන්ගේ හා එජාප සංවිධායකයන්ගේ මූලිකත්වයෙන් පමණක් සිදු කිරීමටද තීරණය කර ඇත.

අධ්‍යාපන ඇමැතිවරයාගේ උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක දීම, උපාධිධාරීන්ට රැකියා දීම, අලුතින් ලක්ෂයකට සමෘද්ධි සහනාධාර දීම ඇතුළු සියලු ව්‍යාපෘතිවල පූර්ණ ප්‍රතිලාභ එජාප පාක්ෂිකයන් පමණක් ඉලක්ක කර ගනිමින් කිරීමට යෝජනා වී ඇති බවද ඉහත ප්‍රකාශකයා පැහැදිලි කෙළේය. මිලියන 5,000ක් වැය කර ටැබ් පරිගණක බෙදීමේ අධ්‍යාපන ඇමැතිවරයාගේ යෝජනාව ජනාධිපතිවරයා මැදිහත් වී තුන් වරක්ම අත්හිටුවූ අතර දැන් එය කෙසේ හෝ සිදුකරන තත්ත්වයකට අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වය ගැනීමෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ඉඟියක් ලෙස සැලැකේ.

දැනට ක්‍රියාත්මක කළ කිසිදු ව්‍යාපෘතියකින් එජාපයට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවූ හෙයින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් පක්ෂය පරාජය කිරීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් දැනට මුදල් අමාත්‍යාංශය හරහා සහ මහාමාර්ග අමාත්‍යාංශය හරහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට ලබා දෙන මුදල් එජාපය පමණක් ලබා ගෙන වියදම් කරන බවත් ශ්‍රී ලනිප සම සභාපතිවරුන්ට කිසිදු ප්‍රතිපාදනයක් නොලැබෙන බවත් ශ්‍රී ලනිප සංවිධායකවරු දැඩි කනස්සල්ලෙන් සිටිති.

මෙම අත්තනෝමතික ක්‍රියාව ගැන ඉදිරියේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමටත් ශ්‍රී ලනිප සංවිධායකයන් සූදානමින් සිටින බවද වාර්තා වේ.

– mawbima

15 views

10 Comments to “ශ‍්‍රීලනිපය කපා දමයි.. එජාප තනි ගමනක් යන්න අගමැති රනිල් තීරණය කරයි..”

  1. Badumkara hora says:

    Why, the biggest project, the central bank-had paid dividend to every small thief !!

    You might have forgotten-we just remind you that, Oh you may be up to another project before the next election.

    Keep doing projects-The Project Manager

    • ගන්ජ බන්ඩා says:

      උඹේ තව ගජ මිතුරැ රැලකට බැඳුන්කර වලින් රැපියල් ප්‍රකෝටි ගනන් ශුද්ධ ලාබ ලබන්න ක්‍රම සහ විධි හැදුව නම් රට දියුනු කොරන්න සල්ලි හොයා ගන්න ලේසිය් අගමැට්ටො.

  2. naliya says:

    ahuwot kiyanne rata dan deyunue kiyala e unata tawa 100000 samurde denna yanawa mata terenne na mokadda wenne kiyala agamate tumo oba tumage kalede duppatun pramanaya tawa 100000 wede welaneda ?????

  3. පොඩි එකා says:

    ශ්‍රීලනිපයට ඔහොම වෙලා මදි… පයින් ගහලා දොට්ට දැම්මොත් තමයි නියම යූ.ඇන්.පිය කියන්නේ..

  4. daminda says:

    pani warakawata hena gaseema………

  5. SUNIMAL says:

    රයිගමයා සහ ගම්පලයා යනු අප දන්නා ජනවහරේ එන දෙදෙනෙකි. හිටං සහ රනිල් ද එබන්දෝය. දෙදෙනාම ළඟින් ගියොත් ඇහැක් නැත.

  6. Love nature says:

    රයිගමයයි ගම්පොළයයි වාගේ – එක හා සමාන කපටි පුද්ගලයන් දෙදෙනෙක්

    එක් දිනක් රයිගමයාත් ගම්පොළයාත් අම්බලමකදී හමුවී වෙළදාමක් කරන්නට කථාබස් කර ගත්තේය. වෙළදාමට පුවක් රැගෙන එන බවට ගම්පොළයා පොරොන්දු විය. රයිගමයා පොරොන්දු වූයේ වෙළදාමට බුලත් රැගෙන ඒමටය. ගම්පොළයා පුවක් වෙනුවට රැගෙන ආවේ ඊරිය ගෙඩි ගොඩකි. රයිගමයා බුලත් වෙනුවට රැගෙන ආවේ ගම්මිරිස් කොළය. පසුදා හිමිදිරියේ වෙළදාම සදහා යාමේ බලාපොරොත්තුවෙන් කදවල් දෙක රැගෙන දෙදෙනාම අම්බලමට ඇතුළු වූහ. පාන්දරම අවදි වූ ගම්පොළයා රයිගමයා ගෙන ආ කද රැගෙන හොරෙන්ම පළා ගියේය. පසුව අවදි වූ රයිගමයා අවට බලන විට ගම්පොළයා තමාගේ කද රැගෙන පළා ගොස් ඇති ව දැක “ වූ රැවටුණා ” යැයි සිතා ගම්පොළයා ගෙන ආ පුවක් කද ඔසවා ගෙන සතුටින් යුතුව වෙළදාම සදහා පිටත්ව ගියේය. තමාද රැවටී සිටින බව ඔහුට වැටහුණේ කදත් රැගෙන ටික දුරක් ගියාට පසුවය.

  7. Saradiel says:

    මේ දෙන්නා රටේ ජීවත්වන හැම පුරවැසියෙකුම රුපියල් 44,000 කින් ණයකරුවෙක් කර ඇත.
    යහපාලන රජය මේ කරන විනාසය පිලිබඳ මහජනතාව දැනුවත් කර එය වැලක්වීමට කටයුතු කිරීම මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් විරුද්ද පක්ෂ දෙශපාලකයන්ට ඇති වගකීමකි.

  8. Gadol says:

    “මා ජනාධිපති කළ ඡන්දවලින් සියයට අනූ තුනක් පිරිසිදු එජාප ඡන්ද. ඒ බව මගේ හත්මුතු පරම්පරාවම සිහි කළ යුතුයි. මම හැමදාම ඒ බව කෘතවේදීව සිහි කරනවා.

  9. bleo says:

    අපි තරහයි නාට්ටියේ තවත් ජවනිකාවක් ලඟදීම රඟදක්වනු ලැබේ.

Main News