ශ‍්‍රීලනිපය ගෙඩිය පිටින් ගෝටාභය හමුවේ.. සහාය දෙන්න සාකච්චා..

August 12, 2019 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිපය ගෙඩිය පිටින් ගෝටාභය හමුවේ.. සහාය දෙන්න සාකච්චා..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර සාකච්ජාවක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම සාකච්චාවේදී ශ‍්‍රීලනිප හා ශ‍්‍රීලපොපෙ අතර නව සන්ධානය ගැන අවධානය යොමු කරනු ඇතැයිද සදහන්ය.

ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති හා වැඩපිලිවෙල ගැනද සාකච්ජා කිරීමට නියමිතය.

සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සදහන් කරන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා සමගින් ඉක්මන් සාකච්චාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

එම සාකච්ජා අනුව ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම හෝ නොදීම ගැන පක්ෂයක් ලෙස තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

67,027 Viewers

10 Comments to “ශ‍්‍රීලනිපය ගෙඩිය පිටින් ගෝටාභය හමුවේ.. සහාය දෙන්න සාකච්චා..”

  1. ශ්‍රීලනිප ලොකු පොරවල් ඔය එන්නෙ නැට්ට් පස්ස පැත්තෙ ගහගෙන. පොදු පෙරමුණට වඩා අපි ලොකුයි කියපු එවුන් නෙ. බැඳුම්කර මගඩියට, වරාය විකිණීමට, 19 සම්මතයට, ඡන්ද කල් දැමීමට, චූටි TNA විපක්ෂය කරවීමට අත උස්සපු එවුන් තමයි ඔය දැන් එන්නෙ. සපෝර්ට් එක අරගෙන ඡන්දෙන් පස්සෙ එලවල දාන එක හොඳා.. මොකද මුන් එක්ක ඉන්න පාක්ෂිකයො පොඩි සෙට් එකෙනුත් 90% ක් කොහොමත් ගෝඨා සහ මහින්දට තමයි.

    • Susil says:

      Best Wishes to our new Leader Mr. Gotabhaya Rajapaksha.
      Please don’t trust political enemies in SLFP.

  2. මෛත්‍රී says:

    මගේ චන්ද ලක්ෂ 14 නැතුව කාටවත් දිනන්න බෑ

  3. Saradiel says:

    නිදහස්‌ හිරු පායනවා – දෑ බැති මල් පිබිදෙනවා
    සිරිලක්‌ මව හිනැහෙනවා – ගොටබය ජනපති වෙනවා

  4. sathya says:

    Lajja Ko?

  5. kate says:

    Bloody fools, take any decision. Who cares?

  6. රජින්ද says:

    මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨා ජය ලැබීමට නම්:
    – පරණ මුහුණු නිතර නිතර දකින්න සලස්වන්න එපා…
    – 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් රටේ දේශපාලකයින් ගැන ඇති වු කළකිරීම නැවත ඇති නොකරන්න…
    – පාක්ෂිකයින්ව හසුරුවා ගන්න, පන්සලේ බෝ මළුවේදී තම අපේක්‍ෂකයාට ‘ජයවේවා’ කියා කෑ නොගසන්න තරම් අදබාල පාක්ෂිකයින්ව පාලනය කරන්න…
    – ගෝඨා පැවසූ පරිදි පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් පවත්වා ගන්න….
    – ප්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයින්ට එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම කිසිදු මාධ්‍ය හමු හෝ සාකච්චා වලදී නොකරන්න…
    – වියත් මග දේශනා වලට ගෙන්වූ උගතුන් බුද්ධිමතුන් වැඩියෙන් යොදාගෙන මාධ්‍යහමු මෙහෙයවන්න…
    සම්ප්‍රදායික දේශපාලකයින් ප්‍රතික්ෂේප කර ඇති මේ භුමියේ ස්වභාවය බුද්ධිමත්ව අවබෝධ කරගන්න. ජනතාව ඇමතීමේදී බුද්ධිමත් සන්සුන් වචන සහ හරවත් දේශනා අන්තර්ගත කරන්න… අනිවාර්යෙන්ම ගෝඨාගේ ජය නියතයි…!!!

    • Boo says:

      සම්පුර්ණ ඇත්ත.

      උදාහරණයක් විදිහට එදා සුගතදාස ක්‍රීඩාංගනයේදී මහින්දට විතරක් ලොකු රාජකීය ආසනයක් පනවා තිබුනේ මෝඩ සංවිධායකයින් විසිනුයි. ඕවා මහින්ද ඉල්ලලා කරගත්තු ඒවා නෙමෙයි. එතනට ගියාම මහින්දට එකේ ඉඳගන්න සිද්ධ වුනා. ඔය වගේ ගොන් වැඩ කලාම ලකුණු කැපෙන්නේ මහින්දගේ මිසක් ඔය මෝඩ වඳුරන්ගේ නෙමෙයි. ඒ නිසා කල් ඇතුවම ඔය මෝඩ වඳුරන්ව අඳුනගෙන උන්ට තරයේ අවවාද කල යුතු වෙනවා බාල සෝබන වැඩ වලින් වැලකිලා අලුත්ම උගත් වැදගත් ක්‍රමේකට චන්ද ව්‍යාපාරය කරගෙන යා යුතුයි කියලා. කියන දේ අහන්නේ නැති උන්ව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කල යුතු වෙනවා, එතකොට උන්ට ගෝටා එක්ක තරහට පිටිපස්සෙන් පිහියෙන් අනින්න බැරි වෙනවා මොකද ජනතාව දන ගන්නවා ඇයි උන්දලා දැන් ගෝටාට විරුද්ධ වෙන්නේ කියලා. නැත්තන් 2015 දී වගේ කෙරවලක් නැති මඩ කතා නිසා ජනතාව ආයෙත් මුලාවෙන්න පුළුවන්.

  7. Crazy says:

    Mr Gota. We need a strategy to eradicate bullying and ragging culture introduced to our society by JVP terrorists.

Main News