ශ‍්‍රීලනිපය ගොඩ ගැනීම සමහරු කියන තරම් ලේසි නෑ…

November 2, 2021 at 6:20 am | lanka C news
ශ‍්‍රීලනිපය ගොඩ ගැනීම සමහරු කියන තරම් ලේසි නෑ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීම ඇතැමුන් සිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

පොහොර ප‍්‍රශ්නය මත හෝ වෙන යම් ප්‍රශ්නයක් මත ආණ්ඩුව සමග තරහ වූ නිසා අත ලකුණට ජනතාව ඡන්දය දෙනු ඇතැයි තමන් නොසිතන බවද ඒ මහතා පැවසීය.

අන් අයගේ දුර්වලකම් අඩුපාඩු මතින් මැතිවරණ ජයග්‍රහණ නොසොයන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය වැඩපිළිවෙළ හා ප්‍රතිපත්ති වලින් පමණක් දේශපාලන ජයග්‍රහණ ලබාගත යුතු බවත් ඔහු සදහන් කලේය.

අමාත්‍යරයා මේ බව කියා සිටියේ නුවරඑලිය දිස්ත‍්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ කාන්තා හා ගුරු මණ්ඩල නියෝජිතයන් නුවරඑළිය සමුපකාර නිවාඩු නිකේතනයේ දී අමතමිනි.

14,555 views

5 Comments to “ශ‍්‍රීලනිපය ගොඩ ගැනීම සමහරු කියන තරම් ලේසි නෑ…”

  1. Prashan says:

    He understands the reality.

  2. S. Vitharana says:

    ඔව් තමුන්නැහේලා වගේ නිදි මතයෝ ඉන්නතාක් කල් කොයි මඟුලක්වත් ගොඩගන්න බැහැමයි.

  3. saman says:

    උබලා ඉන්නකන් බෑ, අයින් වෙලා පලයන් අපි ගොඩ අරන් පෙන්වන්නම්

  4. Chamil Ananda says:

    Eka karanna baha

  5. Isuru says:

    Old, Fat, and Sleepy bloke, but still a wise man.