ශ‍්‍රීලනිපය ජනාධිපති පත් කල ප‍්‍රධාන බලවේගයක්.. අද ඇතැම් පොහොට්ටුවන් අපට සලකන්නේ හතුරන්ට වගේ..- ඇමති අමරවීර

February 10, 2020 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිපය ජනාධිපති පත් කල ප‍්‍රධාන බලවේගයක්.. අද ඇතැම් පොහොට්ටුවන් අපට සලකන්නේ හතුරන්ට වගේ..- ඇමති අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකරන ප්‍රකාශ කණගාටුවට කරුණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවූ පක්ෂයක් බව බවත් එවන් පක්ෂයකට තම විරුද්ධ පාර්ශව කරුවකු ලෙස සලකන්නට යාම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

නමුත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කළගුණ දන්නා පුද්ගලයන් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ගණන් ගන්නේ නැති බව ද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ හුංගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

21,123 Viewers

10 Comments to “ශ‍්‍රීලනිපය ජනාධිපති පත් කල ප‍්‍රධාන බලවේගයක්.. අද ඇතැම් පොහොට්ටුවන් අපට සලකන්නේ හතුරන්ට වගේ..- ඇමති අමරවීර”

  1. Rata Wenuwen says:

    අමරවීරයෝ පඹයාගේ ශාපය, ගනන් ගන්න එපා

  2. බන්ඩා says:

    ශ්‍රිලනිප සහ පොහොට්ටු කාරයන්ට ජනාධිපතිවරණයෙදී එකට එක් නොවුනා නම් ශ්‍රිලනිප එතැනින්ම ඉවර වෙනවා. අද අමරෙලා සහ ප්‍රසන්නලා කා කොටා ගන්නේ රට වෙනුවෙන් හෝ පක්ෂ අභිවෘර්ධියට නොව අපේක්ෂකත්වය සහ මනාප පොරය නිසය්.

  3. pissu poosa says:

    අනේ බුරු හරකෝ…. උඹල පොහොට්ටුවේ නැට්ටේ එල්ලුනාට පොහොට්ටුව උඹලගේ පස්සේ ආවේ නෑ .. දැන් පොර ටෝක්ස් දෙන්න කලින් උබ අරගත්ත වාහනය ආපහු දිපන්.
    උඹගේ අමාත්‍යංශයේ නමත් කියවුන… ගොන්කතා නොකිය බුරුව වගේ හිටපන්… නැත්තම් තොටත් ලගින්න වෙන්නේ මහුලු ගෙදර

    • Susil says:

      Mahinda Amaraweera!
      When you were with Sira, you treated members of “Pohotttuwa’ like your enemies.
      Time to sallow!

  4. Buddhist says:

    Panala dunna ne Pohottuwata oya, ai dan andanne?

  5. Sepalikata horen kotana orwin says:

    උබෙ වඩෙ කෙරුන . බොරුවට කහින්න එපා සෙවලය

  6. Siagra vashi says:

    Priority is, Gota should rescue our country from Ranil and Mahinda….
    what do you think people???

  7. කොන්දොස්තර says:

    කිව්වා වගේ ඇයි අඬන්නේ. මුන්ව සත පහකට විස්වාස කරන්න පුළුවන්ද? ගිය සැරේ මහින්දට පෙන්නලා චන්ද අරන් පැන්න හැටි දැක්කනේ. ඕනම නම් ඉල්ලන්න දෙන්න. ඒ දිස්ත්‍රික් වලට වියත් මගෙන් ස්වාධීන ව ඉල්ලන්න දමන්න. එතකොට කට්ටිය ගෙදරම අරින්න පුළුවන්. හිටං කොහොමත් වැලිකඩ පැත්තේ යයි වගේනේ.

  8. මහනූවර තරුණ හඩ says:

    සියළු දෙනා එක්වී ජනපති තූමාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාමට සූදූසූ කණ්ඩායම ක් පත් කරගනිමු.පොහොට්ටු/ශ්‍රී ලනිපයේ අපේක්ෂක මනාප ප්‍රශ්ණ රටේ ජනතාව ට ඇති වැඩක් නැහැ.

  9. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    අමරවීර මහත්තයෝ බල්ලොත් එක්ක නිදියගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නෙ. සිරිසේන ආප්ප කාලා රනිල් එක්ක බුදියගෙන ජනාධිපති වුණාම, අමරවීරලා හිතුවේ නිදහස් පක්ෂ පාක්ෂිකයින් මහින්දව අතහැරලා සිරාට හේත්තු වෙයි කියලා. 2018 පැවති පළාත් පාලන ඡන්දය වෙනකන් අමරවීරලා හිතාගෙන හිටියෙ සිරිසේන ජනතා නායකයෙක් කියලා. අද සිරිසේන ඇතුළු පිරිස නිදහස් පක්ෂය විනාශ කරලා ඒක ජවිපෙ තත්ත්වයට වැටිලා ඉවරයි.