ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි.. විධායක සභාවේදී යෝජනාව ඒකමතිකව සම්මතයි..

March 1, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි.. විධායක සභාවේදී යෝජනාව ඒකමතිකව සම්මතයි..

එක්සත් ජාතික පක්‍ෂය සමග පවත්වාගෙන යන හවුල් ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වහා ඉවත් විය යුතු යයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ විධායක සභාව ඊයේ දිනයේ රැස්වී ඒකමතිකව තීරණය ඇත.

මෙවර මැයි ඵළමුවැනිදා පැවැත්වෙන මැයි පෙළපාළියට සංගමය ශ්‍රීලනිපය යටතේ සම්බන්ධ නොවී වෙනම රැලියක් පැවැත්වීමටත් තීන්දු කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංගම් මූලස්ථානයේදී පැවැති විධායක සභාවේදීය.

ලෙස්ලි දේවේන්ද්‍ර මහතා සංගමයේ ලේකම් ධුරයට අමතරව ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු අධ්‍යක්‍ෂ ජනරල්වරයා ලෙසද කටයුතු කරමින් සිටී.

0 views

5 Comments to “ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි.. විධායක සභාවේදී යෝජනාව ඒකමතිකව සම්මතයි..”

  1. Sadda says:

    තමාලාට ඕනි නම් ,ඒත් මහින්ද ජනාදිපති තුමා කැමති නම් , ඔය බම්බුව විසුරුවා දාලා පොහොට්ටුවට සම්බන්ධව යූනියන් එකක් හදා ගන්නවලා. නැතිනම් වලපල්ලට යනවාල.

  2. Pal says:

    This is the first step in the program to take Gota into custody..
    Sira want UNP to support him again in the next presidential election.

    So he has to put Ponil into a mess and that is done.
    Then win the hart of some Pohottu voters.

    Next step is to allow UNP to take Gota in ..
    That is why the ministerial power was given to UNP..

    We should get rid of cunning Maru Sira as soon as possible or the country get destroyed.

    • Deez says:

      You are absolutely right. However, we cannot blame our politicians for this mess it’s the people’s fault for bringing this idiot into power,.. We had a great country but now its all destroyed bcos of foolish ppl and a greedy dog..

  3. මාලිගාවත්තේ රත්නේ says:

    මුන් එක එක ඒවා සම්මත කර කර කාලේ කන කලකින්නි හැත්ත

  4. පංච මහා බලවේගය says:

    ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ විධායක සභාව විසින් ගන්නා ලද මෙම තීරණය, ඊළඟට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ද ගත යුතුය.

Main News