ශ්රීලනිපය තීන්දුක් ගන්න යයි.. අයවැය පරදවන තැතක්..
December 4, 2016 at 2:10 pm | lanka C news
ලබන 10 වැනිදා පැවැත්වෙන අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් සහාය පළ කරන්නේ ශ්රීලනිපය ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිගතහොත් පමණක් බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව ක්‍රියාත්මක නොකිරීම, සේවක අර්ථසාධක අරමුදලේ ණය පහසුකම් සහ එම අරමුදල් ශේෂය මත ලබාදෙන 30% මුදල ලබාගැනීමේ අවස්ථාව අහිමි නොකිරීම, මහ බැංකුවේ අධීක්ෂණයෙන් තොරව ජාතික ගෙවීම් වේදිකාව අයවැය යෝජනාව ක්‍රියාත්මක නොකිරීම සහ සමෘද්ධි බැංකුව සහ සමුපකාර බැංකුව ඒකාබද්ධ කිරීමෙන් වැළකීම ඇතුළු සංශෝධන කිහිපයක් අයවැය යෝජනාවලට ශ්රීලනිපය ඉදිරිපත් කර තිබේ.
මේ සංශෝධන සිදුකර ගැනීම සඳහා මුදල් ඇමැති රවි කරුණානායක මහතා සමඟ සාකච්ඡා කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මැති ඇමැතිවරුනට උපදෙස් දී ඇත.
ඒ අනුව එම සංශෝධනවලට යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් අයවැය තෙවැනි වර කියවීමේ විවාදයේදී ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ඡන්දය ලබාදීම සම්බන්ධව තීරණයක් ගනු ලබන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.
– දිවයින
හිස් වදන් නොකියා හිටපිය අබරෝ
ගනී රෙද්ද… ඔය ඇමතිකම් ටික පැත්තකට දාලා ඡනතාව ගැන හිතයිද මුන්….? මුංට ඡනතාව ගැන සත්ව කරුණාව පහල වෙන්නේ ඊලග චන්දෙදි….
ඔව්ව සංශෝධනය කරන්නෙත් නැහැ,මුන් විරුද්ධව ඡන්දෙ දෙන්නෙත් නැහැ.
මේවා බොරු පඩ ෂෝ මිනිස්සුන්ව රවටන්න. අන්තිමට මොකක් හරි විසිකළ මස් කටුවක් ලෙවකාලා මුන් හිවල්ලු වගේ පක්ෂව චන්දෙ දෙනවා, මොනවාද ඔට්ටු !