ශ‍්‍රීලනිපය තීන්දුවක් ගත්තා.. අගමැති එලවන විශ්වාස භංගයට පක්‍ෂයි.. නැතොත් ගමට යන්න බෑ.. 04 වැනිදා වෙනස අනිවාර්යයි..

March 27, 2018 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිපය තීන්දුවක් ගත්තා.. අගමැති එලවන විශ්වාස භංගයට පක්‍ෂයි.. නැතොත් ගමට යන්න බෑ.. 04 වැනිදා වෙනස අනිවාර්යයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්දව ඉදිරිපත් වි ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා අප්‍රෙල් මස 04 වැනි දින ඊට සහාය දීම සමබන්ධයෙන් ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුනට දෙවරක් සිතන්නට දෙයක් නැති බව ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා පවසයි.

එම තීරණය සක් සුදක් සේ පැහැදිලි බවත් එම ජනතා හිතවාදී තීරණය නොගන්නා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට ගමට යාමට නොහැකි වනු ඇති බවද ඔහු සදහන් කලේය.

ඒකාබද්දය විසින් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ‍්‍රීලනිප මැති ඇමකිවරුන්ගේද පුළුල් අවබෝදයෙන් බවත් හතර දෙනෙකු ඊට අත්සන් කලේද ඒ අනුව බවත් ඔහු කියා සිටී.

අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග සමග තව දුරටත් ඉදිරියට යා නොහැකි බව පළාත් පාලන මැතිවරණයෙන් පසු දිනම ශ‍්‍රීලනිප මැති ඇමති පරිස රැුස්වී තීරණය කල බවද ඇමතිවරයා සදහන් කරයි.

එනිසා ලබන 04 වැනිදා රට තුල වෙනසක් ඇති වීම අනිවාර්යෙන්ම සිදුවනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

29 views

13 Comments to “ශ‍්‍රීලනිපය තීන්දුවක් ගත්තා.. අගමැති එලවන විශ්වාස භංගයට පක්‍ෂයි.. නැතොත් ගමට යන්න බෑ.. 04 වැනිදා වෙනස අනිවාර්යයි..”

  1. Lahiru says:

    Molaya poddak narakwelaa waagea!koakatath parissamen Langa inna ekath iota wadaa hapang

Main News