ශ‍්‍රීලනිපය දණ ගස්සා කණ අත්සන ගහගනී.. හම්බන්තොට වරාය අලූත් අවුරුදු නිම වෙන්න පෙර චීනයට දෙන බව එජාපය කියයි..

April 7, 2017 at 12:22 am | lanka C news
ශ‍්‍රීලනිපය දණ ගස්සා කණ අත්සන ගහගනී.. හම්බන්තොට වරාය අලූත් අවුරුදු නිම වෙන්න පෙර චීනයට දෙන බව එජාපය කියයි..

චීන සමාගමකට හම්බන්තොට වරාය පැවරීම සදහා සාකච්චා මේ වන තෙක් අවන් වී නැති බව ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඔහු සදහන් කරන්නේ එය සිදුවිය යුත්තේ රටට ප‍්‍රශ්නයක් නොවන ලෙස බවයි.

මේ අතර සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එජාප මන්ත‍්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ හම්බන්තොට වරාය ගිවිසුමට අප්‍රේල් මාසය ඇතුලත අත්සන් තැබිය හැකි බවයි.

ආණ්ඩුවේ ප‍්‍රධානම පක්‍ෂ දෙක එකම දිනකදී මාධ්‍ය හමු දෙකක පරස්පර අදහස් පල කිරීමෙන් පෙනී යන්නේ ශ‍්‍රීලනිපය දණ ගස්හා හෝ ශ‍්‍රිලනිපයට හොරෙන් මේ මාසය ඇතුලත වරාය චීනයට පැවරීමට සියල්ල සූදානම් බවකි.

2 views

One Comment to “ශ‍්‍රීලනිපය දණ ගස්සා කණ අත්සන ගහගනී.. හම්බන්තොට වරාය අලූත් අවුරුදු නිම වෙන්න පෙර චීනයට දෙන බව එජාපය කියයි..”

  1. asaranaya says:

    කම් සැප විඳිමින් සුර සැප විඳමින් මුන් ටික හොඳ ජොලියෙන් ඉන්නේ,
    හෙට මැරුණත් අද හොඳට සැපයිනේ කණ අත්සන ගහාලා දුන්නේ,
    ඉපදෙන දරුවෝ කිසිම කෙනෙක් මෙය නොදැන ගෙනයි ලොව උපදින්නේ,
    අනාගතේදී තොපගේ වලටත් ‘ගහාපිය හෙණ’, කිය දෙස් දෙන්නේ

Main News