ශ්රීලනිපය දැඩි සැකකටයුතුයි.. ඔවුන් සමග තවත් සන්ධාන සාකච්චා එපා..- ඒකාබද්දයේ බහුතරය තීරණය කරති..
April 8, 2019 at 11:20 am | lanka C news
තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන සාකච්ඡා පවත්වා ගෙන යන්නේ දැයි අවසන් තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී පිරිස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
දෙපාර්ශවය එක් ව නව පෙරමුණක් ගොඩනැගීමට සාකච්ඡා කරමින් පවතිද්දී අයවැයට විරුද්ධ නොවී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කිරීම හේතුවෙන් ඔවුන්ගේ ස්ථාවරය ගැන බරපතල සැක සහිත තත්ත්වයක් ඇතිවී තිබෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
මේ ආකාරයේ සැකකටයුතු පිරිසක් සමගින් සාකච්ඡා තවදුරටත් පැවැත්වීම සුදුසු නැති බව ඒකාබද්ධ විපක්ෂ බහුතරයකගේ අදහස වී ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.
අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂය විසින් මෙහෙයවන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවද ඔහු සඳහන් කළේය.
ශ්රීලනිපය කිසිසේත් විශ්වාස කළ නොහැකකිය 2015දී සිරිසේනගේ රංගනය නැවත කරන බව පෙනේ. ප්‍රවේසම් වීම හොඳයි.
වැටුන රට ගොඩ ගන්නට වෙන කවුරුද ඉන්නේ
ජීවිතය පරදුවට තියලනෙ කෲර යුද්ධයත් දින්නේ
ගෝඨා නාවොත් රටම හම්බය අයිති කර ගන්නේ
රට විල්පත්තු වී සිංහයගෙ සිංහ ළේ අහිමි වන්නේ
වසලයන් සමග බැදිකම් එපා
බැසිල්ගෙ සෙට් එක. ඔන්න බලන්නකො සිරිසේන එපා කිව්වට බදුර්දීන්ව ගනියි. මමනම් කියන්නෙ ජනාධිපති අපේක්ශකයා ගෝටානම් ගෝටාට අවස්ථාවක් තියෙන්න ඕනෙ සන්ධානෙට ඕනෙ කවුද එපා කවුද කියලා තීරණය කරන්න. නැතුව ඒක බැසිල් පාර්ශවය තීරනය කරලා හරියන්නෙ නෑ.
Do Not trust MS and SLFP Group. They will do what they did in 2014 to MR again.
WASALAYAN SAMAGA,
RATA PAWADENNAN SAMAGE,
AKA PAREEYAMA BAYANAKI
POHOTTUWA TA THANIYAMA
KARAHAKI DEYATA
NAY REDDA ASSEE
DAMAGANNA MOTADA?
නමුත්,,,,,,ඔච්චෝම්බර් විප්ලවයෙන් ජනපති ,මහින්ද මැතිඳු එකමුතුවෙන් පරගැති දොන් ජුවන් ට 2/3 කේ බලය අහිමි කිරීමත් ,එනිසාම බෙදුම්වාදී
වින්නැහි ව්‍යවස්ථා සංසෝදනය කුණු බක්කියට වැටීමත් වැනි මාහැඟි වාසි රට වැසියාට ලැබුණා.
එබැවින් මෙම එකමුතුව ලඝු කොට නොතැකිය යුතුයි.
ජයග්‍රාහී පොහොට්ටු අපේක්ෂක, මහින්ද මැතිඳු හා සිරිසේන ජනපති ත්‍රිත්වයම සම්බන්ද කළ පාලන මඩුල්ලක් රට පාලනයට ඇති කරගන්නේනම් එය
හුදී ජනයාගේ මහඟු වාසනාවක් වනු ඇත.
ජය ධරණී!
තටමන්න දෙයක් නැත..පසුගිය පලාත් සභා මැතිවරණයත් සමග ජනයා කොතනද?කතාකලයුත්තේ උන්සමගය.නැත්තන් උබලටත් සොරි ඩොට්කොම්.