ශ‍්‍රීලනිපය දෙකඩයි.. ප‍්‍රබලයෙක් ඉල්ලා අස්වීම බාර දේ…

January 11, 2022 at 10:22 pm | lanka C news
ශ‍්‍රීලනිපය දෙකඩයි.. ප‍්‍රබලයෙක් ඉල්ලා අස්වීම බාර දේ…

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිගින් දිගටම සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පියවර සම්බන්ධව පක්ෂ මූලස්ථානයේදී ඉකුත් සතියේදී සාකච්ඡා වට කීපයක් පැවැති අතර, එහිදී හිටපු ජනාධිපතිවරයා සහ පක්ෂය නියෝජනය කරන වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයකු දිගින් දිගටම පවසා ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව, සමගි ජනබලවේගය සමග සම්බන්ධ විය යුතු බවය.

මෙම අදහසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් රැසක් සිය විරෝධය දක්වා ඇත.මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම මගින් සිදුවන්නේ පක්ෂයට හානියක් යැයි ද පක්ෂයේ බහුතරයක් හිටපු ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

මේ අතර, පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීමේදී සම්මුඛ පරීක්ෂණවලින් තෝරා නොගත් කීප දෙනකුට ද සංවිධායක තනතුරු ලබාදීම නිසා මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ.

පක්ෂයේ ඌව පළාතේ සංවිධායකවරයකු පක්ෂයේ කටයුතුවලට දැඩි ලෙස විරෝධය දක්වා සිය සංවිධායක ධුරයෙන් ඉවත්වී ඇත්තේ සිය ඉල්ලා අස්වීම ලිඛිතවම පක්ෂයට ලබාදෙමිනි. මෙම සංවිධායකවරයා පක්ෂයේ සභාපතිවරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයිද අනාවරණය වෙයි.

මෙවැනි ගැටලු රැසක් නිසා පක්ෂය දෙකඩවීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවත්, හිටපු ජනාධිපතිවරයා සහ වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයා එක් පාර්ශ්වයක් ලෙසද, පක්ෂයේ අනෙකුත් සාමාජිකයන් අනෙක් පාර්ශ්වය ලෙසද දැනටමත් කටයුතු කරමින් සිටින බවත් පැවසේ.

– aruna

156,474 views

12 Comments to “ශ‍්‍රීලනිපය දෙකඩයි.. ප‍්‍රබලයෙක් ඉල්ලා අස්වීම බාර දේ…”

  1. Ms.commonsense says:

    We should sell our parliament including all the members to Indian government 😁 So useless 😑

  2. මරුසිරා says:

    රවී දඩෝරියා දැන් රාජපක්ෂලාගේ සුවච කීකරු ටොමියෙක්.
    ස්වාමියා උසි උසී කිව්වම දම්වැල කැඩෙන්න පැන පැන බුරනවා
    මහරාජා සිරාට සිරාවටම බයයි.. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කලාමැදිරි එළියටත් බයලු.

  3. සෙරෙප්පු සුප් says:

    මහින්ද මහත්තයගෙ හෙවනෙ ඉන්න කාලෙ හිටං හුටං කියල සරම කැඩෙනකම් උඩ පැනපු රිළවෙක් ඉන්නව වයඹ පළාතේ.නිකම්ම නිකම් රිළවෙක් නෙමෙයිලු ඌ සින්දුත් කියනවලු.ඒ රිළව ඉංග්‍රීසිත් කථා කරනව සිංහලෙන්. මහින්ද මහත්තය ගෙදර ගිය ගමන් හිටං ගාව දෙකට නැමිල හිටංගෙ රෙද්ද අස්සෙ රිංගුවලු.දැන් හිටංගෙ දෙවෙනියලු.දැන් ඒ දෙන්න තමයි ලංකාවෙ ඉන්න සුපිරිම දේශපාළණ ෆයිටර්ස්ල දෙන්න.ඒ උනාට,,හැමෝම කියන්නෙ
    WARAKA NOTHING
    WALA SOMETHING
    DAILY FU,,,,KI,,,NG
    NO CHILDREN

  4. susaaustralia says:

    mun me anduwa lewa kaka innawa kawadawath yanne neha SLFP ekata thanmath thaniyen yanna vote base ekak thiyanwa me balu anduwa ekka thawath hitiyoth munta wenneth UNP ekata wechcha deya aniwaryenma

    • NAK says:

      යූඒන්පීයට වෙච්ච දේ මුන්ට වෙන්න තිබුනා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න නොදුන්නා නම්. කරාපු ලොකුම මෝඩකමක් ඒ්ක

  5. Sathya says:

    It will be the end of sirisena and Dayasiri.

  6. සිසිල් සුදේශ් says:

    කොහොම යන්නද, සූප්පු කරන කටු දමලා.

  7. සිරා තමයි සිරා. මුලින්ම යූඑන්පී එක දෙකඩ කලා. රනිල්, සජිත් දෙකඩ කලා. ඊට පස්සේ රට දෙකඩ කලා. දැන් ශ්‍රීලනිපේ දෙකඩ කලා.

  8. NAK says:

    වැඩේ කියන්නෙ මූ කරන්න තියන දහදුරා වැඩ සේරම කරල දැන් කථා කරනව හරියට උෟ මුකුත් කලේ නෑ වගේ

  9. p.d goonawardena says:

    සිරිසේනයා පස්සේ යන උන් සිරාවටම කන්නේ බත්ද​??? මුන්ට නැටි තිබුනානම් මෙලහකට හොරු මරන් කාලා…

  10. Man says:

    ආණ්ඩුවේ තුනෙන් දෙක නැති කරන්න ගිහින් තමන්ගේ පක්ෂෙත් නැති කර ගන්න හදන මොඩ සිරිසේන 😂😀

Leave a Comment

Main News