ශ‍්‍රීලනිපය නැතත් කමක් නෑ.. පොහොට්ටුවට ඕනෑම මැතිවරණයක් තනිව ජයගත හැකියි..- බැසිල්

February 7, 2019 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිපය නැතත් කමක් නෑ.. පොහොට්ටුවට  ඕනෑම මැතිවරණයක් තනිව ජයගත හැකියි..- බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රීලනිපයත් එක්ව සන්ධානගත නොවුනහොත් ඉදිරි මැතිවරණ ජය ගත නොහැකි බවට මතයක් සමාජගත කිරීමේ උත්සාහයක් ඇති බවත් එය සත්‍ය නොවන බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

එම පක්‍ෂ කාර්යාලයේදී පළාත් පාලන නියෝජිතයන් සමග පැවති සාකච්චාවකදී ඔහු මේ බව කීය.

ශ‍්‍රීලනිපය සමග සන්ධාන ගත නොවූවත ඉදිරියේ එන ඕනෑම මැතිවරණයක් ජයගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇතැයිද ඔහු සදහන් කලේය.

නමුත් ශ‍්‍රීලනිපය සමග සන්ධානගත වුවහොත් එක්සත් ජාතික පක්‍ෂයට අන්ත පරාජයක් ලබා දිය හැති බවත් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

78 views
Main News